පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවය කරන කාන්තාවන්ට සිදුවන විවිධ හිරිහැර සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කළ යුතු බවත් නැතහොත් මෙවැනි ප්‍රකාශ මගින් පාර්ලිමේන්තුවේ ප්‍රතිරූපයට හානි සිදු වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අද(08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රහුමාන් මහතා ඊයේ මතුකරන ලද කරුණක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව පැවීය.
මෙවැනි ප්‍රකාශ මගින් පාර්ලිමේන්තුවේ ප්‍රතිරූපය නැති වෙන බවත් , මෙවැනි සිදුවීමක් වී ඇත්නම් වහාම ඒ පිළිබඳව සොයා බැලිය යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ පිළිබඳ වහාම විමර්ශනය කළ යුතු බවත් නැතහොත් එය කාන්තාවට සිදුවන බරපතල අසාධාරණයක් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.