සහල් වෙළඳපොළ හිගයක් නැතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. අද(08) පාර්ලිමේන්තුවේදි යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව පැවසීය.
නමුත් රතු සහල්වල යම් හිගයක් ඇති බවත්, ඊට හේතුව පසුගිය රජය ජනපතිවරණයට පෙර රතු සහල් කිලෝ 20ක් බෙදාහැරිම බවද අමාත්‍යවරයා කීය. ඒ අනුව රතු සහල් නොකන පුද්ගලයන්ටද රතු සහල් බෙදා දී ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එළඹෙන මහ කන්නයේදී වී මිලදී ගැනීම සඳහා විශේෂ වැඩපළිවෙලක් සකස් කර ඇති බවත්, සතොස , වී අලෙවි මණ්ඩලය සහ සමූපකාර ව්‍යාපාරය ඒකාබද්ධව වී මාස එක හමාරක් සඳහා වී මිලදී ගැනීම සිදුකරන බවද කීය.
එමගින් සහල් වෙළෙඳපොළ හිගයක් ඇති වුවත් පාරිභෝගිකයාට පීඩාවට පත් නොවීමට කටයුතු කරන බවද කීය.