විශ්වවිද්‍යාලයන්හි පවතින අධ්‍යයන නිදහසට කිසිදු බලපෑමක් නැහැ

Unpublished
විශ්වවිද්‍යාලයන්හි පවතින අධ්‍යයන නිදහසට කිසිදු බලපෑමක් නැහැ
  • SocialShare:

විශ්වවිද්‍යාලයන්හි පවතින අධ්‍යයන නිදහසට කිසිදු බලපෑමක් රජයෙන් සිදු කර නොමැති බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසුවාය.

බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ලක්මාලි ප්‍රේමතිලක මහත්මිය අගමැතිවරියගෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරිය මේ බව කියා සිටියාය.

විශ්වවිද්‍යාලයන්හි පවතින අධ්‍යයන නිදහස තහවුරු කිරීම රජයේ ප්‍රතිපත්තිය වන අතර , අධ්‍යයන නිදහස සහ සාකච්ඡා කිරීමේ නිදහස විශ්වවිද්‍යාල තුළ පැවැතිය යුතු බවත් කවුන්සිල්, සනාතන සභා, ෆැකල්ටි බෝඩ්, ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින අතර ඒවා මඟින් අධ්‍යයනයේ සහ සාකච්ඡාවේ නිදහස වඩාත් ශක්තිමත් කර ගැනීමට මීට වඩා සාකච්ඡා ලක් කරමින් ඔවුන් බලවත් විය යුතු බවත් අගමැතිවරිය පැවසුවාය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී පැවැත්වීමට නියමිතව තිබූ සම්මන්ත්‍රණය නැවැත්වීමට තමා හෝ අගමැති කාර්යාලයේ කිසිදු මැදිහත්වීමක් සිදු කර නොමැති බවත් එය අසත්‍ය තොරතුරක් බවත් අගමැතිවරිය පැවසුවාය. 

විශ්වවිද්‍යාල තුළ මෙවැනි සංවාද පැවැත්වීම සිදු විය යුතු බවත් අධ්‍යයන නිදහස උපකුලපතිවරුන් තහවුරු කළ යුතු බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.