ඉදිරි දිනවලදී අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් රටට පැමිණීමේ අවදානමක් -මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා

Unpublished
ඉදිරි දිනවලදී අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් රටට පැමිණීමේ අවදානමක් -මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා
  • SocialShare:

ඉදිරි දිනවලදී අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් රටට පැමිණීමේ අවදානමක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තා කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය අද (08) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා  මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,

"මියන්මාර් අනවසර සංක්‍රමණිකයන් 116ක් රටට ඇතුළු වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරමින් පවතිනවා. ඔවුන් මුදල් ගෙවලා තමයි මේ ජාවාරමට සම්බන්ධ වෙලා තියෙන්නේ.

 ඔවුන් එරට මුදලින් ලක්ෂ 500ක් පමණ ගෙවලා තියෙනවා. ඊට අමතරව මේ ගමනාගමනය සඳහා  රටේ මුදලින් ලක්ෂ 800ක් පමණ සංවිධායකවරුන්ට ගෙවලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පොලීසියෙන් විමර්ශනයක් කරගෙන යනවා." 

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.