Clean Sri Lanka වැඩසටහන ආයතන මට්ටමින් සිදු කරන වෙනසක් නොව සමාජ වෙනසක්

Unpublished
Clean Sri Lanka වැඩසටහන ආයතන මට්ටමින් සිදු කරන වෙනසක් නොව සමාජ වෙනසක්
  • SocialShare:

Clean Sri Lanka වැඩසටහන ආයතන මට්ටමින් සිදු කරන වෙනසක් නොව සමාජ වෙනසක් බවත්, සමාජ වෙනසක් තුළ ජනතාවගේ පරිවර්තනයක් සිදුවිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

 මෙය දවසකින් පැය 24කින් සිදුවන දෙයක් නොව ක්‍රියාවලියක් බවද අගමැතිවරිය පෙන්වා දුන්නාය.  අද (08) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරියගෙන් වාචික ප්‍රශ්න විමසන අවස්ථාවේදී, අධ්‍යාපන හා ජනමාධ්‍ය කේෂ්ත්‍රවල නව පරිවර්ථනයක් ඇති කිරීමේ අභියෝගය ජයගන්නේ කෙසේද යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අගැමතිවරිය සඳහන්කළේ,

මෙම රජය බලයට පත්වන්නේ අභියෝගවලට මුහුණ දීමේ සූදානමින්. මෙම රටේ ජනතාව  රජයට ලබා දුන්නේ ගැඹුරු පරිවර්තනයක් වෙනුවෙන් වූ ජනවරමක්. එය පුද්ගල මාරුවක් වෙනුවෙන් පමණක් නොවේ. ඊට වඩා ගැඹුරු  සමාජයේ සෑම ස්ථරයකම සිදුවිය යුතු ගැඹුරු පරිවර්තනයක්. එවැනි පරිවර්තනයකට විරුද්ධ වෙන කණ්ඩායම්  ඉන්නවා.  නමුත් අපි ඊට යටත් වෙන්නේ නැහැ. මෙම අභියෝග වලට මුහුණු දෙන්න අපි සූදානම්. මෙම සමාජ පරිවර්තනයට අවශ්‍ය වන්නේ දේශපාලන සහභාගිත්වය විතරක් නොවෙයි. මෙය ජන සහභාගිත්වයෙන් සිදුවිය යුතු දෙයක්.  ඒ නිසා තමයි සාර ධර්ම මට්ටමින් මීට මැදිහත් වෙන්නේ. මෙම  සමාජ වෙනසක් තුළ ජනතාවගේ පරිවර්තනයක් සිදුවිය යුතුයි. මෙය දවසකින් පැය 24කින් සිදු වන දෙයක් නොවෙයි. එය ක්‍රියාවලියක්. මෙම ක්‍රියාවලිය සම්පූර්ණ වන විට හිරුටත් හිරු පායලා තියෙයි.අරුණටත් ඇත්තටම අරුණටත් එහි තේරුම පැහැදිලි වෙයි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.