ඍණ අගයක්ව පැවැති ආර්ථික වර්ධන වේගය ධන අගයක් බවට පත් කිරීමට හැකි වුණා

Unpublished
  • SocialShare:

ඍණ අගයක්ව පැවැති ආර්ථික වර්ධන වේගය ධන අගයක් බවට පත් කිරීමට වත්මන් ආණ්ඩුවට හැකියාව ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) පැවසීය.


මෙම අර්බුදය හමුවේ මෙරට මිලියන ගණනක ජනතාවගේ ආර්ථික ක්‍රමවේදයන් කඩා වැටුණු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සැමට අත්පත් කර දීමේ ක්‍රියාන්විතය තුළ ආර්ථික ස්ථාවරය ගොඩනැඟෙමින් තිබෙන බවත් ඒ තුළින් තිරසාර සංවර්ධනය ළඟා කර ගනිමින් එහි ප්‍රතිලාභ සමාජයේ සියලුදෙනාට සාධාරණව ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කරනවා. මෙරට සෞඛ්‍ය දර්ශක මේ වන විට යහපත් මට්ටමට ළඟා වෙමින් පවතිනවා. රටේ වෘත්තකියන් ද විශාල වන්දියක් ගෙව්වා. රට තුළ ජීවත් විය නොහැකි නිසා බුද්ධි ගලනයක් පසුගිය කාලයේ දී සිදු වුණා. 2023 වසරේදී ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාවට මෙරට වෛද්‍යවරුන් 1750 කට වැඩි සංඛ්‍යාවක් අයදුම් කර තිබෙනවා. වෛද්‍ය පීඨවලින් ලංකාවේ වසරකට එළියට එන සංඛ්‍යාවට එය සමානයි. මේ අර්බුදය තුළින් ජනතාවගේ ජීවිතවල බලාපොරොත්තු අයින් කළා.
2022 වසරේදී පෝලිම්වලදි ජනතාව මරණයට පත් වුණා. පසුගිය කාලයේ සමාජ ඛේදවාචකයක් පැවතුණා. ඈත ගම්වලට ආර්ථික අර්බුදය බලපෑ ආකාරය අපි දැක්කා. එවැනි රටක් තමයි අපි මේ දැන් ගොඩගන්නේ. ලංකාවේ සෞඛ්‍ය දර්ශකවලට දැවැන්ත බලපෑමක් පසුගිය කාලයේ එල්ල වුණා. ඒ ගැන ජනතාවට දැනුණු නිසා තමයි ඔවුන් අපට ආණ්ඩු බලය ලබා දුන්නේ. රටේ සියලුදෙනා එක්ක වර්ධනය වන ආර්ථිකයක් ස්ථාපිත කළ යුතුයි. ජනතාව එක්ක ඉදිරියට යන ගමනක් අපට තිබෙන්නේ. මෙිලියන 22 කම එකට අත්වැල් බැඳගෙන ඉදිරියට යන ගමනක් තමයි අපේ ආණ්ඩුවෙන් ක්‍රියාත්මක වන්නේ. සෑම පුරවැසියකුටම ගෞරවනීය ජීවිතයක් ගත කිරීම සඳහා අපි වැඩපිළිවෙළ සකස් කරනවා.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.