පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා සම්බන්ධයෙන් කමිටුවක්

Unpublished
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා සම්බන්ධයෙන් කමිටුවක්
  • SocialShare:

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා සම්බන්ධයෙන් කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බැවින් එම කමිටුව ඉදිරිපත් කරන වාර්තාව අනුව කටයුතු කරන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.


අද පාර්ලිමේන්තුවේදී රාමනාදන් මහතා මතුකළ අදහස් දැක්වීමට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව සඳහන් කළේය.
තමන්ට පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීම සඳහා විපක්ෂය විසින් වෙලාව වෙන් නොකරන බවත් මේ සම්බන්ධයෙන් තමන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළද මෙතෙක් එම ප්‍රශ්නයට විසඳුමක් ලැබී නොමැති බවත් අර්චුනා රාමනාදන් මහතා මෙහිදි පැවසීය.
එමෙන්ම සිය අදහස් දැක්වීම සඳහා වෙලාව වෙන් නොකරන්නේනම් යාපනයේ සිට පාර්ලිමේන්තුවට පැමිණීමේ තේරුමක් නොමැති බව ද අර්චුනා රාමනාදන් මහතා පැවසීය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.