වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව, නව අදියරක් යටතේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු ආරම්භ කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද(07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන ලද විමර්ශනයන් අනුව සැකකරුවන් 747ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සැකකරුවන් සහ සැකකාරියන් 100කට මහාධිකරණයේ නඩු 14ක නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර ඇති බවයි.
මේ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බවද අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව මේ දක්වා සිදුකරනු ලැබූ විමර්ශන අනුව සිවිල් සාක්ෂිකරුවන් 12 දෙනෙකුද, හමුදා සාමාජියකින් 7 දෙනෙකු, පොලිස් නිලධාරීන් 24ක් සහ බන්ධනාගාරගත නිලධාරීන් 3 දෙනෙකු ඇතුළුව 48 දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.