වාහන බලපත් අහෝසි කිරීමේ කිසිදු තීරණයක් ගෙන නැහැ - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා

වාහන බලපත් අහෝසි කිරීමේ කිසිදු තීරණයක් ගෙන නැහැ -  ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා
  • SocialShare:

රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන්ට ලබාදෙන වාහන බලපත්‍ අහෝසි කිරීමට රජය කිසිඳු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැති බව  ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද(23) පාර්ලිමේන්තුවේදී  පැවසීය. පාර්ලිමේන්තුවේදී  මන්ත්‍රීවරයෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. 

වාහන බලපත්‍ර සඳහා මේ මොහොතේ අවස්ථාව ලබා දුන්විට අපේක්ෂිත ආර්ථික ඉලක්කවලට ළඟාවීම අපහසුවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන්ට මේ වනවිට වාහන බලපත්‍ර 15000ත් 20000 ත් අතර සංඛාවක් නිකුත් කර තිබේ.

මේ මොහොතේ පවතින්නේ ප්‍රමුඛතාව පිළිබඳ ගැටලුවක් මිස  රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන වාහන බලපත්‍ර අහෝසි කිරීමට කිසිඳු ප්‍රතිපත්තිමය තීරණයක්  ගෙන නොමැති බවද  අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.