ලබන වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙනවා

ලබන වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙනවා
  • SocialShare:

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 

අංශ තුනකින් එය සිදුකිරීමට බලාපොරොත්තුවන  බවත් ගුරු පුහුණුව, පාසල් සංවිධානය හා යටිතල පහසුකම් වර්ධනය මෙන්ම පාසල් විෂය අන්තර්ගතය පිළිබඳ දැඩි අවධානයකින් කටයුතු කරන බව ද  ඇය සඳහන් කළාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ පසුගිය රජය විසින් ඉදිරිපත් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සාධනීය වෙනස්කම් සිදුකරන  බවයි. 

එතුළින් සිසුන්ට වඩාත් යෝග්‍යවන අයුරින් පවතින අධ්‍යාපන ක්‍රමය පරිවර්තනයකට ලක්කරන බව ද අගමැතිවරිය පැවසුවාය.ඒ අනුව විභාග ක්‍රමය සහ විෂයමාලාද සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ඇය සඳහන් කළාය.

සෞන්දර්යය, තොරතුරු තාක්ෂණය හා ගිණුම්කරණය වැනි විෂයන්වල අන්තර්ගතය වෙනස් කිරීමට කටයුතු කරන බවත් නමුත්, කිසිවිටෙකත් එම විෂයන් ඉවත් කිරීමට බලාපොරොත්තු නොවන බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.