මෙරටට ලුණු ආනයනය කිරීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විවිධ බාධා පමුණුවන බවට සාවද්‍ය ප්‍රවෘත්ති කිහිපයක් මාධ්‍ය මගින් ප්‍රචාරය වන බව නිරීක්ෂණය වන බවත්, එවන් ආකාරයේ කිසිදු බාධා කිරිම් හෝ අවහිර කිරීම් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හෝ අමාත්‍යාංශය යටතේ ඇති කිසිදු අයතනයකින් සිදු නොවන බවත්, නිවේදනයක නිකුත් කරමින් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටී.බී ආනන්ද ජයලාල් මහතා ප්‍රකාශ කර ඇත.
මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරන වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලුණු ආනයනය කිරීමට අපේක්ෂාවෙන් අමාත්‍යාංශයේ ආහාර පාලන එ්කකයට 2025.05.22 දින වන විට ආනයනකරුවන් ට 117 දෙනෙකු ඉල්ලීම් ලිපි ඉදිරිපත් කර ඇති බවත්, එම නිවේදනයේ දක්වා ඇත.
එමෙන්ම ඉහත ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලීම පරිදි ලුණු මෙට්‍රික්ටොන් 150,000 කට අධික ප්‍රමාණයක් ඊයේ (22) වනවිට ආනයනයට පහසුකම් ලබා දී ඇති බව ද වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටී.
මෙම ලුණු තොඟ වරායට ළඟා වූ පසු කඩිනමින් මුදාහැරීම සදහා ද අවශ්‍ය පහසුකම් සැලසීමට ද මේ වනවිටත් කටයුතු සුදානම් කර ඇති බවත්, කිසිදු ප්‍රමාදයක් සිදුවීමට ඉඩ තබා නොමැති බවත් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටී.බී ආනන්ද ජයලාල් මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටී.