ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සඳහා වරලත් වෘත්තීය ආයතනයක් ස්ථාපිත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා වරලත් පරිගණක ආයතනය (Chartered Institute of Computing of Sri Lanka) සංස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිව තිබේ.
1976 වර්ෂයේදී පිහිටුවන ලද ශ්‍රී ලංකා පරිගණක සංගමය (Computer Society of Sri Lanka - CSSL) ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් නියෝජනය කරන ප්‍රමුඛතම සහ එකම වෘත්තීය සංවිධානය ලෙස කටයුතු කරයි.
මෙරට පරිගණක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ අභිලාෂයන් නියෝජනය කරන ප්‍රධාන වෘත්තීය සංවිධානය ලෙස, වරලත් තත්ත්වය සහිත අනෙකුත් වෘත්තීය ආයතනවලට සමාන නීතිමය සහ වෘත්තීය පිළිගැනීමක් ලබාදීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා වරලත් පරිගණක ආයතනය ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.
ඒ අනුව, ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා වරලත් පරිගණක ආයතනය සංස්ථාපනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදීමටත්, එහි අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් ලබාදීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.


