දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සඳහා වන II කාර්යක්ෂමතා කඩඉම් විභාගය මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා අයදුම්පත් 2026 ජූලි 20 සිට අගෝස්තු 10 දක්වා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගත (Online) ක්‍රමයට යොමු කළ හැක.
අධ්‍යාපනවේදී උපාධිය මත ශ්‍රී ලංකා ගුරු සේවයේ 2-II ශ්‍රේණියට සෘජුව බඳවා ගත් ගුරුවරුන් හැර එම ශ්‍රේණියට උසස්වීම් ලැබූ හෝ 3 ශ්‍රේණියට බඳවා ගැනීමෙන් අනතුරුව 2-II ශ්‍රේණියට පත් කරන ලද ගුරුවරුන් 2-II ශ්‍රේණියේ සේවා කාලය වසර 4ක් සම්පූර්ණ වීමට පෙර මෙම II කාර්යක්ෂමතා කඩඉම් විභාගය සමත් වීම අනිවාර්ය වේ.
එමෙන්ම, 2025 ජූනි 30ට පෙර මෙම විභාගය සම්පූර්ණ නොකළද එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමේ කොන්දේසියට යටත්ව 2-I ශ්‍රේණියට උසස් කරන ලද ගුරුවරුන්ට, ගුරු සේවයේ 1 ශ්‍රේණියට තවදුරටත් උසස්වීම් ලබා ගැනීම සඳහා මෙම විභාගය සමත් වීම අත්‍යවශ්‍ය වේ.
විභාගයට අදාළ ස්වයං අධ්‍යයන මොඩියුලයන්හි විෂය නිර්දේශය ගැසට් නිවේදනයට අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ e-Thaksalawa නිල වෙබ් අඩවියේ පළ කර ඇති අතර විභාග අපේක්ෂකයින්ට ස්වයං අධ්‍යයන ක්‍රමවේදය අනුගමනය කරමින් එම පාඩම් මාලා අධ්‍යයනය කර විභාගයට සූදානම් වන ලෙස දැනුම් දී ඇත.


