ජාතික ජන බලවේගයේ කිසිවෙකුට පන්සල්වලට අයත් ඉඩම්වලට අත තැබීමේ වුවමනාවක් නැතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය. පෞද්ගලික පැහැදිළි කිරීම් යටතේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ජාතික ජන බලවේගයේ කිසිවෙකුට පන්සල්වලට අයත් ඉඩම්වලට අත තැබීමේ වුවමනාවක් නැතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය. පෞද්ගලික පැහැදිළි කිරීම් යටතේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
2024 වර්ෂයේ ජනාධිපතිවරණය පැවැත් වූ දින සිට මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් නෝට්ටු සහ කාසි කිසිවක් මුද්‍රණය කර නැතැයි මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.
2025 වසර සඳහා වන අයවැය තෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද(21) ප.ව. 6.00ට පැවැත්වේ.
දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේ සංශෝධන රහිතව සම්මත විය.
ආනයනය කරවන්ට සහ අපනයන කරුවන්ට තමන්ගේ ක්‍රියාවලිය පහසු කරන්න අවශ්‍ය පහසුකම් වේගවත් කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා ඉදිරියේදී ආනයන සහ අපනයන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය ක්‍රියාත්මක කරන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතු වසන්ත සමරසිංහ මහතා පැවසීය.
අයවැය තුළ ඇති වූ සංවාද සහ විපක්ෂයේ සමහර විවේචන නිරීක්ෂණය කළවිට ජනතාව බලාපොරොත්තු වූ සිස්ටම් චේන්ජ් එක සිද්ධ වෙමින් පවතින බව තමන් තරයේ විශ්වාස කරනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ඉතිහාසයේ හෙළිදරව් නොවූ පරීක්ෂණ බොහෝ ඇති බවත්, වසර 10 පමණක් නොව 15 පරීක්ෂණ පවා ඉදිරියේදී සිදු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතු වසන්ත සමරසිංහ මහතා පැවසීය.
2025 අයවැය යෝජනාවලට අනුව 2025 ජූලි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පත් සඳහා සංශෝධිත විශේෂ පොලී යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය..
රාජ්‍ය ඔසුසල්වලින් ඖෂධ මිලදී ගැනීමේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වට්ටමක් ප්‍රදානය කිරීමට රජය පියවර ගෙන ඇතැයි කම්කරු ඇමති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය.
අයවැය ඉදිරිපත් කළාක් මෙන් අයවැය ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් රජයට නිසි වැඩපිළිවෙළක් තිබෙන බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය. මුදල් අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ අද(20) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා 7 ක් ස්ථාපිත කිරීමට අදාළව ගෙනෙන ලද යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමතිය හිමිවිය.
කලා, සංස්කෘතික හා ආගමික ප්‍රගතිය නැංවීමට සහ ප්‍රධාන ආගම් හතරටම අයත් ව්‍යාපෘති රැසක් වෙනුවෙන් මෙවර අයවැයෙන් වැඩිමුදලක් වෙන්කර ඇතැයි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.
පාර්ලිමේන්තුව අප්‍රේල් මස 8, 9 සහ 10 යන දිනවල රැස්වීමට ඊයෙ(15) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.