වසර 15ක් පරණ වංචා දූෂණ ගැන පවා පරික්ෂණත් සිද්ද වෙනවා - ඇමති වසන්ත සමරසිංහ

වසර 15ක්  පරණ වංචා දූෂණ ගැන පවා  පරික්ෂණත් සිද්ද වෙනවා -  ඇමති   වසන්ත සමරසිංහ
  • SocialShare:

ඉතිහාසයේ හෙළිදරව් නොවූ පරීක්ෂණ  බොහෝ ඇති බවත්, වසර 10 පමණක් නොව 15 පරීක්ෂණ පවා ඉදිරියේදී සිදු කරන බව  වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතු  වසන්ත සමරසිංහ මහතා පැවසීය.

අද(20) පාර්ලිමේන්තුවේදි මුදල් අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඇතැමුන් ඉතිහාසය අමතක කරන්න හැදුවත් ඉතිහාසය අමතක  කර නොහැකි බව පැවසූ අමාත්‍යවරයා මේ රටේ ජනතාව සිදු කළ හානිය වෙනුවෙන් අදාල පුද්ගලයන්ට දඩුවම් ලැබිය යුතු බවද පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

මුදල් අමාත්‍යංශයට අදාළ ආයතන 23ක් වැය ශීර්ෂ අද විවාදයට ලක් වෙනවා. මුදල් අමාත්‍යංශයට සම්බන්ධ ඉතිහාසයේ නොවිසඳුන ගැටලු රැසක් තිබෙනවා. 2015 හෙළිදරව් වෙච්ච වංචා පවා තිබෙනවා. දැන් අපිට තමයි ඒ පරීක්ෂණ සිදු කරන්න වෙලා තිබෙන්නේ. දැන් අපි ඉන්නේ 2025. දේශපාලඥයින්ගේ හිතවතුන්ට සල්ලි බෙදපු ගිණුමත් සභාගත කරන්න කියනවා.  අර්ජුන ඇලෝසියස්ට අයත් සෙලාන් බැංකුවේ ගිණුමකින් තමයි මෙම මුදල් ගෙවා තිබෙන්නෙ. මෙය සුප්‍රසිද්ධ රහසක්.  මෙම සල්ලි දීලා තිබෙන්නේ අරුම පුදුම විදියකට . සල්ලි දීලා තිබෙන්නේ වයින් ස්ටෝර්ස් එකකට. අපි ඒ ගැන ඉදිරියේදී හෙළිදරව් කරන්නම්.

සමහරු ඉතිහාසය අමතක කරන්න හදනවා. නමුත්  ඉතිහාසය අමතක කරන්න බැහැ. මේ රටේ ජනතාවට සිදුකළ හානිය අමතක කරන්න බැහැ. අදාළ චූදිතයන්ට දඩුවම් ලැබිය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.