ආනයනය කරවන්ට සහ අපනයන කරුවන්ට තමන්ගේ ක්‍රියාවලිය පහසු කරන්න අවශ්‍ය පහසුකම් වේගවත් කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා ඉදිරියේදී ආනයන සහ අපනයන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය ක්‍රියාත්මක කරන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතු වසන්ත සමරසිංහ මහතා පැවසීය.
අද(20) පාර්ලිමේන්තුවේදි මුදල් අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව පැවසීය.
ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ට අවශ්‍ය සහතික ලබා දීම වගේම කර්මාන්ත සහ ආරක්ෂා කිරීමේ මැදිහත් වීම රජය සිදුකරන බවද අමාත්‍යවරයා කීය.
ජාතික බදු ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමේ වැදගත්කම රජය හදුනාගෙන ඇතැයිද කීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
බදු ප්‍රතිපත්තින් ස්ථාවර වුනොත් තමයි ආයෝජකයින් මෙරටට පැමිණෙන්නේ.ලෝකයේ දැනට තිබෙන හොඳම බදු ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ සිංගප්පූරුවයි.
ස්විට්සර්ලන්තය, ජර්මනිය වැනි රටවල් ඒ ඒ රටවලට ආවේණික බදු ප්‍රතිපත්ති අනුගමයන කරන බවද කීය. බොහෝ රටවල් දේශීය කර්මාන්ත ආරක්ෂා කරගනිමින් බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවද කීය.
අපේ රටට ආර්ථික වර්ධනය ඇති කර ගන්න ඕන. ඒ වගේම රට සංවර්ධනය කර ගන්න ඕන. කර්මාන්ත දියුණු කර ගන්න ඕන. නව ආයෝජන ගෙන්වා ගන්න ඔින. ඒ වගේම මෙම බදු ප්‍රතිපත්තිය හරහා යම් තරඟකාරිත්වයක් ඇති වෙන්න ඕන. එය ඉලක්ක කරගනෙ තමයි දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කර ගන්න සහ විදේශීය ආනයන වලින් අපේ කර්මාන්ත වලට සිදු වන තර්ජන කෙරහි අවධානය යොමු කරමින් ජාතික බදු ප්‍රතිපත්තිය සකස් කළ යුතුයි.
බදු වැඩිකර ගැනීම ගැනත් අපි අවධානය යොමු කළ යුතුයි. විවිධ බදු වෙනුවට නව බදු ප්‍රතිපත්තියකට යන්න ඕන. බදු ආදායම තමයි ලෝකයේ බොහෝ රටවල ආදායම.
වැඩිකර ගැනීම සම්බන්ධයෙන් අපි හිතල තිබෙනනා. ජනතාවට සහන සැළසිම වෙනුවෙන් බදු අය කළ යුතුයි. නමුත් එය සිදු කළ යුත්තේ ජනතාවට පීඩනයක් ඇති නොාවන පරදිියි.