ජාතික ජන බලවේගයේ කිසිවෙකුට පන්සල්වලට අයත් ඉඩම්වලට අත තැබීමේ වුවමනාවක් නැතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය. පෞද්ගලික පැහැදිළි කිරීම් යටතේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ගම්පහ ඉඹූල්ගොඩ ප්‍රදේශයේ පවතින ඉඩමකට ඇතුල් වීමේ චෝදනාව සම්බන්ධයෙන් පෞද්ගලික පැහැදිළිකිරීම් යටතේ පිළිතුරු දෙමින් මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
අමාත්‍යවරයා එම පත්ඉරු සභාගත කරමින් පැවසුවේ, 2012 වසරේදී රුපියල් ලක්ෂ 05ට ගත් ඉඩම් ලක්ෂ 120ට විකුණා ඇති බවයි. සමහර ඉඩම් පිළිබඳ ඔප්පු ලියා තිබෙන්නේ අරලියගහ මහන්දිරයට ගෙන්වාගෙන බවද කීය.
එම ඉඩම් කිසිවක් පන්සලකට අයත් වන බවක් පත්ඉරුවල සඳහන් නොවන බවත් මේ සම්බන්ධයෙන් රහස් පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ගොනු කර ඇතැයිද කීය.
මෙම ඉඩමේ ඇත්ත කතාව මේකයි. මේ මෙම ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් එම ප්‍රදේශවල ජනතාවට බරපතල ගැටලුවක් තිබුණා. කිසිදු ලෙසකින් පන්සල්වලට අත පෙවීමේ කිසිදු වුවමනාවක් නැහැ. මෙම ඉඩම් කිසිදු පන්සලක හිමිකාරිත්වයක් නැහැ.