පසුගිය සමයේ පගාව ගත් නිසා ආයෝජකයින් හැරී ගියා - ඇමති සුනිල් හඳුන්නෙත්ති

පසුගිය සමයේ පගාව ගත් නිසා ආයෝජකයින් හැරී ගියා - ඇමති සුනිල් හඳුන්නෙත්ති
  • SocialShare:

පසුගිය සමයේ මෙරටට පැමිණි ආයෝජකයන්ගෙන් පගාව ගැනීම නිසා, ආයෝජකයන් හැරි ගිය බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුනනෙත්ති මහතා පැවසීය.

2025 අයවැය කාරක සභා අවස්ථා‍වේ විවාදයේ අවසන් දිනය වන අද(21) දින  පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

පගාව ඉල්ලන්නේ නැති බැවින්, භියෙන් සැකෙන් තොරව මෙරටට පැමිණ ආයෝජනය කිරීමේ අවස්ථාව අද  උදා වී ඇතැයිද කීය. පගාව ගත් නොගත් අය පෙන්වීමට විවෘත ජනාධිපති කොමිසමක්  පිහිටුවන ලෙන තමා  ජනපතිවරයාගෙන්  ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පැවසීය. රාජපක්ෂ ආණ්ඩුවේ පිල් මාරු කරන ගොඩක් අය පගා මරුවෝ.  පසුගිය සමයේ මෙරටට පැමිණි ආයෝජකයෝ දාල ගියේ ඒකයි.  ඇතැමුන් ෆීසිබිලිටි රිපෝට් එකක් ඉල්ලනව. මිලියන ගණන් ඉල්ලල.

රටතුළ දේශපාලන ප්‍රජාත්‍රන්තවාදය සහ ආර්ථික ප්‍රජාත්‍රන්තවාදය ස්ථාපිත කිරිමට  රජය කටයුතු කර ඇති බවත්, ආර්ථික ප්‍රජාත්‍රන්තවාදය ස්ථාපිත කර ඇති නිසා නිලධාරින්ට කොන්ද කෙළින් තබාගෙන වැඩ කිරීමේ අවස්ථාව  අද උදා වී ඇතැයිද කීය.

රජය සතු ඉඩම් පසුගිය රජය බලෙන් අත්පත් කර ගත් බවත්,  ඉතිරි වී ඇති රජයේ ඉඩම් කිහිපය ඉතිරිව ඇත්තේ එකිනෙකා කුලල් කා ගැනීම නිසා  බවද අමාත්‍යවරයා  පෙන්වා දුන්නේය. පසුගිය රජය විකුණන්න ගිය රාජ්‍ය ආයතන අපි විකුණන්නේ නැතැයිද කීය.

"අපේ මන්ත්‍රීවරු නවක වෙන්න පුළුවන්. නමුත් අපි දේශපාලන බලපෑම් කරමින් නිලධාරින් යට කරන අය නොවෙයි.පසුගිය මාස කිහිපයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ 139ක මිල අඩු වෙලා තිබෙනවා. මේ අප්‍රේල් 10 වෙද්දි රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩිවෙනවා. පඩිවැඩි වෙන අයගේ ආදායම මිනිස්සු අතරට යනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආයෝජන යන්නේ මේ රටේ ජනතාවගේ අතට.අද වන විට රටේ ජනතාව සතුටින් ඉන්නවා - නමුත් පාර්ලිමේන්තුවේ ඉන්න කුහකයෝ කිහිප දෙනෙක් පමණක් කෙඳිරිගානවා."

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.