ජනාධිපතිවරණය පැවැත් වූ දින සිට මේ දක්වා මුදල් නෝට්ටු සහ කාසි අලුතින් මුද්‍රණය කර නැහැ

ජනාධිපතිවරණය පැවැත් වූ දින සිට මේ දක්වා මුදල් නෝට්ටු සහ කාසි අලුතින් මුද්‍රණය කර නැහැ
  • SocialShare:

2024 වර්ෂයේ ජනාධිපතිවරණය පැවැත් වූ දින සිට මේ දක්වා  ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් නෝට්ටු සහ කාසි කිසිවක් මුද්‍රණය කර නැතැයි මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.

2024 ජනාධිපතිවරණයෙන් පසු මේ දක්වා මුද්‍රණය කරන ලද කාසි හා නෝට්ටු සම්බන්ධයෙන්  අද(21) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

‍රජයේ අවශ්‍යතාවය මත මෙතෙක් ලබාගෙන තිබූ ණය පියවීම සඳහා  වර්තමාන රජය කාර්යක්ෂමව සහ අරපිරිමැස්මෙන්  රටේ ජනතාවගේ මුදල් පරිහරණය කරන බවත්,  අත්‍යාවශ්‍ය දේවල් සඳහා  නිසි වෙලාවට මුදල් යොදවමින්  කටයුතු කරන නිසා වෙලෙඳපොළට පැමිණ ණය ගැනීමේ අවශ්‍යතාවය අඩු  වී තිබෙන බවත්,  ඊට සාපෙක්ෂව මේ වනවිට රටේ බැංකු පොළී අනුපාතයද පහල ගොස් ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.