- ජනතා අවශ්‍යතා ඉටුකරන්න ආණ්ඩුව මෙන් රාජ්‍ය සේවයත් ජනතාව වෙනුවෙන් විය යුතුයි
රටතුළ නිර්මාණය කරන ගැටුම් හේතුවෙන් ජනතාව තව දුරටත් දුක් විඳිය යුතු නැති බවත්, රට තුළ සංහිඳියාව ඇති කරන්න රජය කැපවී සිටින බවත්, ජනතා අවශ්‍යතා ඉටු කිරීමට ආණ්ඩුව මෙන් රාජ්‍ය සේවයද ජනතාව වෙනුවෙන් විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
යාපනය, වේලෙනෙයි, නීර්වේලි, වඩමරාච්චි යන ප්‍රදේශවල පැවති ජනහමු අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.
උතුරු පළාතේ යටිතල පහසුකම් සංවර්ධනයේ ගැටළු ගණනාවක් තිබෙනවා. මාර්ග, ජලය, කෘෂිකර්මය, විරැකියාව වගේ ම අධ්‍යාපනය, සෙඛ්‍ය ඇතුළු සෑම අංශයකම ගැටළු තිබෙනවා.
මේ අතරින් බොහොමයක් ගැටළු ඔබේ ප්‍රදේශය නියෝජනය කරන ප්‍රාදේශිය සභා, පළාත්සභා විසින් කළ යුුතු සංවර්ධන වැඩ. නමුත් ඒක නිසි ආකාරය සිද්ධ වෙලා නැහැ.
උතුරු නැගෙනහිර ගැටළු ඇති වුණේ යුද්ධය නිසා කියලා කිව්වා. යුද්ධය අවසන් වෙලා මේ වනවිට වසර 16ක් ගත වෙලා ඒත් මොනවද වෙනස් වෙලා තිබෙන්නේ. මේ ප්‍රදේශවල ජන ජීවිතය දියුණු වෙලා ද?
මධ්‍යම රජය විසින් පළාත් පාලන ආයතන වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කරනවා. නමුත් ඒ මුදල් නිවැරදිව අදාළ ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන්න හැකි විනිවිදභාවයෙන් යුතු යාන්ත්‍රණයක් අවශ්‍යයි.
මැයි 06 වෙනිදා ගම සංවර්ධනය කරන්න. ඔබේ ජීවිතය නගා සිටුවන්න ඔබට කිට්ටුම පුංචි ආණ්ඩුව පත් කර ගැනීමේ තීරණාත්මක අයිතියි ඔබට ලැබෙනවා. වංචා, දූෂණවලින් තොරව ජනතා සේවයට කැපවෙන නියෝජිතයන් තෝරගන්න කටයුතු කරන්න.
රට වැටී තිබුණ තත්වයෙන් ගොඩගන්න, ආර්ථික අභියෝග ජයගන්න රජය මේ වනවිට ක්‍රියා කරමින් යනවා. අපි දන්නවා සියල්ලම තවම හරියට සිද්ධ වෙනනේ නෑ, බඩු මිළ තාම අඩුවෙලා නෑ ඒ සියල්ල රජය වෙනස් කරමින් යනවා. ජනතාවට ඉදිරියේදී ඒ ප්‍රතිලාභ හිමි වෙයි.
මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප වැඩි කරන්න රජය කටයුතු කළා. රාජ්‍ය සේවය ජනතාව වෙනුවෙන් කැපවී කටයුතු කළ යුතුයි. ජනතාවගේ ආණ්ඩුව වගේම ජනතාවගේ රාජ්‍ය සේවයක් ඇතිවිය යුතුයි.
නිදහසින් පසු මේ රටේ මහා ලේ වැගිරීම් සිදු වුණා. ගැටුම් ඇති වුණා. ඒ මගින් ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වුණා. යළි මේ රටේ එහෙම නොවන්න රජය වගබලා ගන්නවා. ඒ සඳහා රට තුළ සංහිදියාව ඇති කිරීමට රජය කැපවී සිටින බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පැවසුවා ය.
ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශිය නියෝජිතයන් ඇතුළු උතුරේ විශාල පිරිසක් මෙම හමුවලට පැමීණ සිටියහ.