පරිසර අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල සේවක පුරප්පාඩු පිරවීම සඳහා ක්‍රියාත්මක කෙරෙන නව බඳවා ගැනීමේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පරිසර අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී අද (15) පැවැත්විණි.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා අමාත්‍යාංශ ලේකම් කේ.ආර් උඩුවාවල මහතා සහ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුව පැවති අතර සේවක බදවා ගැනීම්, ප්‍රතිපාදන වෙන්කිරීම්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර ඇති පරිසර සංවර්ධන නිලධාරින් වෙත බලය පැවරීම සහ වගකීම් පිළිබද මෙහිදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කෙරිණි.
පරිසර අමාත්‍යංශය යටතේ ආයතන 10ක් ක්‍රියාත්මක අතර (මධ්‍යම පරිසර අධිකාරිය,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව,රාජ්‍ය දැව සංස්ථාව ,ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ,ජාතික උද්හිද උද්‍යාන දෙපාර්තමේන්තුව,ජල සම්පත් මණ්ඩලය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව,සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා දේශගුණික අරමුදල - (පරිසර අමාත්‍යංශයට අනුබද්ධ ආයතනයක් වන අතර එය අමාත්‍යංශය තුලම ස්ථාපිත වී පවතී).
වත්මන් රජය බලයට පත්වීමට පෙර ඉදිරිපත් කරන ලද පොහොසත් රටක් - ලස්සන ජිවිතයක් ප්‍රතිපත්ති මාලාව තුල අඩංගු වු “තිරසර ජෛව ගෝලයක් - සදාහරිත ජිවිතයක්” පාරිසරික වැඩපිළිවෙල තුල පරිසර සුරක්ෂිතතාවය මෙන්ම එය ආරක්ෂා කර මතු පරපුරට දායාද කිරීම වෙනුවෙන් ලබාදුන් පොරොන්දු අතර සේවක පුරප්පාඩු පිරවීම මෙන්ම ඉහල ගුණාත්මක භාවයකින් සහ කළමනාකරණයකින් යුතුව පුරප්පාඩු පුරවමින් ගුණාත්මකව, රාජ්‍ය සේවයේ යෙදවීම පිලිබදව අවධානය යොමුව ඇත.
පවතින ආර්ථික තත්වයන් තුල කැබිනට් මණ්ඩලයේ විශේෂ අනුමැතියට යටත්ව සේවක පුරප්පාඩු පිරවීමට අනුමැතිය ලබාගෙන ඇති අතර එම පිරිස් මේ වන විට රාජ්‍ය සේවයේ නිවැරදි ක්‍රමවේදය තුල බදවා ගනිමින් සිටියි.


