අස්වැසුම ජූලි මාසයේ දීමනාව බැංකු ගිණුම් වෙත

අස්වැසුම ජූලි මාසයේ දීමනාව  බැංකු ගිණුම් වෙත
  • SocialShare:

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළ 2026 ජූලි මාසයේ දීමනා අද (15) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.

එහි පළමු අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 1,012,812ක් සඳහා රුපියල් 9,357,346,250ක (රුපියල් බිලියන 9.36කට ආසන්න) මුදලක් අද දිනයේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව එම මණ්ඩලය සඳහන් කළේය. එමෙන්ම, දෙවැනි අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 211,647ක් සඳහා රුපියල් 2,468,250,000ක (රුපියල් බිලියන 2.47කට ආසන්න) මුදලක් ද අද දිනයේ අදාළ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බව ද නිවේදනය කර ඇත.

ඒ අනුව, අද දිනයේ පමණක් අදියර දෙක යටතේ ප්‍රතිලාභී පවුල් 1,224,459ක් සඳහා රුපියල් 11,825,596,250ක (රුපියල් බිලියන 11.83කට ආසන්න) අස්වැසුම් ප්‍රතිලාභ මුදලක් ගෙවීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.