හෙට සිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 63ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වන බව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී සුගීෂ්වර මහතා සඳහන් කරයි.
ජනාධිපති අතිරේක ලේකම්වරයා මේ බව සදහන් කළේ අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඩෙංගු රෝගය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරිම සදහා පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
මෙතෙක් ඩෙංගු රෝගය සදහා අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 23ක් හඳුනාගනිමින් ඒවායෙහි ඩෙංගුමදුරුවා බෝ වීම වැළැක්වීම සදහා විශේෂ ඩෙංගු මදුරු දර්දන වැඩසටහන් ක්‍රියාත්මක කළ බව පෙන්වා දුන් ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී සුගීෂ්වර මහතා අලුතෙන් තවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීකොට්ඨාශ 40ක් අවධානම් ලෙස හඳුනාගත් බවද ඒ අනූව සම්පූර්ණ කොට්ඨාශ 63ක් ඩෙංගු අවධානම් කොට්ඨාශ ලෙස හඳුනාගෙන ඇතැයිද අවධාරණය කළේය.
හෙට සිට මෙම සමස්ථ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 63හිම මෙතෙක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 23හි කරගෙන ගිය ක්‍රියාමාර්ග ඒ අයුරින්ම පුළුල්ව ව්‍යාප්ත කරන බවද පැවසුවේය. මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 63හි හෙට සිට සියලු දෙනාගේ සහභාගීත්වයෙන් එක් වෛද්‍ය නිලධාරී කොට්ඨාශයකට කණ්ඩායම් 10 බැගින් සෑදී තමන්ගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ස්ථාන බෙදා ගනිමින් පර්යේෂණයේ නිරත වන බවද වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම කොට්ඨාශ 63ම සෑම නිවසක්ම පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වන බවද මෙලෙස ඩෙංගු බෝවිය හැකි සෑම ස්ථානයක්ම පරීක්ෂා කිරීමට අපේක්ෂා කරන බවද පැවසුවේය. පෞද්ගලික ආයතන හෝ රාජ්‍ය ආයතන වල යම් බලධාරියෙකුට අයිති ප්‍රදේශයක් ඩෙංගු මදුරුවා බෝ නොවන ආකාරයට පවත්වා ගැනීම අදාළ බලධාරියාට බාර කටයුත්තක් බවද පෙන්වා දුන් ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී සුගීෂ්වර මහතා මෙම කණ්ඩායම් පැමිණ එවන් ස්ථාන පරීක්ෂාවට ලක්කරන බවද පැවසුවේය.
නිසි ආකාරව ක්‍රියා නොකරන පාර්ශවයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවද පොදු ස්ථාන සදහා රාජ්‍ය අංශය, යුද හමුදාව, මහජන සංවිධානවල සහයෝගය සහ තරුණ ප්‍රජාවගේ සහය ලබාගනිමින් ශ්‍රමදාන සිදුකිරීමට යම් යම් ක්‍රියාමාර්ග ගන්නා බවද සදහන් කළේය.
හෙට සිට දියත් කරන විශේෂ මදුරුදර්දන ක්‍රියාන්විතයට ශ්‍රීලංකා රතුකුරුස සමාජය ශ්‍රමයෙන්, ආහාර පාන සැපයීමෙන් සහ විමර්ශනයේ යෙදෙන කණ්ඩායම්වලට අවශ්‍ය පසුබිම් සහාය ලබාදෙමින් දායකත්වය සපයන බවද පෙන්වා දුන්නේය.
ඒ අනූව හෙට සිට අදාළ කොට්ඨාශ 63හි බරපතල ලෙස මෙම ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වන බවද යම් බලධාරීන් සිටිනා පෞද්ගලික හෝ රාජ්‍ය පරිශ්‍ර සියල්ලේම ඩෙංගු මදුරුවා පාලනය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ට බරපතල වගකීමක් පවතින බවද පෙන්වා දුන්නේය. එම වගකීම ඉටු නොකළහොත් මෙම කටයුතු සාර්ථක කරගත නොහැකි බවද වැඩිදුරටත් පැවසුවේය.


