“Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) ජාතික වැඩසටහන ඇරඹේ

“Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) ජාතික වැඩසටහන ඇරඹේ
  • SocialShare:

2030 වසර වන විට ශ්‍රී ලංකාවේ නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වාත්, තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් “Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) හෙවත් තේ ගම්මාන 500ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහන ඊයේ (15) දින නුවර එළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හල්ගොල්ල ගම්මානයේ හපුගස්තලාව වැව ඉදිරිපිට දි ජාතික වශයෙන් ආරම්භ කරන ලදි.

මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ කුඩා තේවතු අංශය නවීකරණය කිරීම, ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ තේ කර්මාන්තයේ තිරසාර සංවර්ධනය වේගවත් කිරීම අරමුණු කර ගෙන ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව ඊය දින මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ 2026 වසර තුළ දිවයින පුරා පිහිටි තේ පරීක්ෂක කොට්ඨාස 144ම ආවරණය වන පරිදි තේ ගම්මාන 144ක් ආරම්භ කරන ලදි.

මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, ග්‍රාමිය සංවර්ධන, සමාජ ආරක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන මංජුල සුරවීර ආරච්චි මහතා, ක්‍රිශ්නන් කලේචෙල්වි මහත්මිය, අනුෂා තිලකරත්න මහත්මිය ඇතුලු දේශපාලන අධිකාරිය ද, වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා,කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් උඩුගම්පල
මහතා,ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රාජ්පාල් ඔබේසේකර මහතා ශ්‍රී ලංකා තේ පර්යේෂන ආයතනයේ සභාපති මහාචාර්ය කොස්තා මහතා, රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති සිසිර රණතුංග මහතා, පොල් වගා කිරිමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් මහතා, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති අන්ගි මහතා ඇතුලු වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් අමාත්‍යාංශය සහා ඊට අනුබද්ධිත ආයතන වල නිළධාරින් ඇතුලු විශාල පිරිසක් සම්බන්ධ විය.