දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන පරිසර පද්ධති සහ ඇතුළත් කරගත් (සහභාගීත්ව) ධීවර ආර්ථිකයන් ගොඩනැගීම සම්බන්ධයෙන් වූ 'Resilient Waves' ව්‍යාපෘතිය එළිදැක්වීමේ වැඩසටහන පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (15) කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල අඩු ආදායම්ලාභී වෙරළබඩ ධීවර ප්‍රජාවන් සවිබල ගැන්වීම NAQDA සමඟ එක්ව ජලජ ජීවී වගා ක්ෂේත්‍රයේ දැනුම සහ තාක්ෂණය ප්‍රචලිත කිරීම, රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශය සම්බන්ධ කරමින් ප්‍රජාව මූලික කරගත් සාගර සම්පත් කළමනාකරණය ශක්තිමත් කිරීම සහ ජාතික ප්‍රතිපත්ති හා රාජ්‍ය සැලසුම් සමඟ ව්‍යාපෘතිය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමද මෙහි ප්‍රධාන අරමුණු අතර වේ.
විශේෂයෙන් මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ධීවර ජනතාව මුහුණ දෙන දරිද්‍රතාව, දේශගුණික විපර්යාස හා සමාජීය කොන්වීම වැනි අභියෝගවලට තිරසාර විසඳුම් ලබාදීමට මෙමගින් සිදු වේ.
ප්‍රජාව මූලික කරගත් ස්වභාවධර්මය පදනම් කරගත් විසඳුම්, ජීවනෝපාය විවිධාංගීකරණය සහ සහභාගීත්ව පාලන ක්‍රමවේදයන් ඔස්සේ දේශගුණයට ඔරොත්තු දෙන පරිසර පද්ධති සහ දේශීය ආර්ථිකයන් ගොඩනැගීම මෙම වැඩසටහෙනේ අවධානය යොමුව ඇත.
එමෙන්ම පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය, දේශගුණයට ගැළපෙන ධීවර ක්‍රමවේද (Climate-smart Fishing) ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර ජීවනෝපායන් හඳුන්වාදීම මඟින් වෙරළබඩ ප්‍රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම ද අපේක්ෂා කෙරේ.
'OCEAN' වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා එක්සත් රාජධානියේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව (Defra) මූල්‍ය ප්‍රතිපාදන සපයන අතර ACTED, Humanity and Inclusion (HI), Biodiversity Sri Lanka (BSL), Green Movement Sri Lanka (GMSL) සහ Blue Resources Trust (BRT) යන ආයතන එක්ව ක්‍රියාත්මක කරයි.
මාස 39ක කාලයක් පුරා ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මඟින් වාසස්ථාන තක්සේරු කිරීම්, පරිසර ප්‍රතිස්ථාපන වැඩසටහන් සහ දේශගුණයට ගැළපෙන ධීවර ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීමෙන් සාගර පරිසර පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.
කාන්තාවන්ගේ ආර්ථික සවිබල ගැන්වීමද මෙහි විශේෂ අවධානයක් වන අතර මූල්‍ය සාක්ෂරතා පුහුණුව, මුහුදු කූඩැල්ලන් හා බෙල්ලන් වගාව වැනි තිරසාර ආදායම් මාර්ග හඳුන්වාදීම මඟින් ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වේ.
දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සහ දරිද්‍රතාවය අවම කිරීම ඒකාබද්ධ කරමින් 'Resilient Waves' ව්‍යාපෘතිය මඟින් වඩාත් තිරසාර, සාධාරණ සහ ඔරොත්තු දෙන වෙරළබඩ ප්‍රජාවන් ගොඩනැගීමට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


