උසස් පෙළ ඉහලින්ම සමත් සබරගමුවේ ශිෂ්‍ය ශිෂාවන් වෙත ජනාධිපති ශිෂ්‍යත්ව

උසස් පෙළ ඉහලින්ම සමත් සබරගමුවේ ශිෂ්‍ය ශිෂාවන් වෙත ජනාධිපති ශිෂ්‍යත්ව
  • SocialShare:

2023 සහ 2024 වර්ෂවල අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉහලින්ම සමත් වූ සබරගමු පළාතේ ශිෂ්‍ය ශිෂාවන් ඇගයීමේ උත්සවය පසුගියදා (23) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.

ජනාධිපති ලේකම් කාර්යාලය හා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙහිදී රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ වර්ෂ 2023 සහ 2024 පැවති අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා, භෞතික විද්‍යා, වාණිජ, කලා, ඉංජිනේරු තාක්ෂණවේදය සහ ජෛව තාක්ෂණවේදය යන විෂය ධාරාවන්ගෙන් ඉහලින්ම සමත් වූ සිසුන් සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන විසි හතරක් ප්‍රදානය කරනු ලැබී ය.

මෙම අවස්ථාවට අමාත්‍ය ආචාර්ය ගරු හිනිදුම සුනිල් සෙනෙවි, සබරගමු පළාත් ආණ්ඩුකාරවර ගරු චම්පා ජානකී රාජරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත පද්ම කුමාර, වෛද්‍ය ජානක සේනාරත්න, සුනිල් රාජපක්ෂ, උපුල් කිත්සිරි, වසන්ත පුෂ්ප කුමාර, නිලූෂා ලක්මාලි ගමගේ, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ඊ.කේ.ඒ.සුනීතා, රත්නපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජී.එස් නිශාන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.