සබරගමුව පළාතේ පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු සඳහා, මෙම වර්ෂයේ (2025) සඳහා රුපියල් මිලියන 853ක් රජය මගින් ලබාදී ඇතැයි, පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය පසුගියදා සඳහන් කළාය.
සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය මේ බව සඳහන් කළේ රත්නපුර පළාත් සභා පරිශ්‍රයේ පිහිටි ප්‍රධාන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති, සබරගමු පළාත් පාලන විෂයට අදාළ රත්නපුර දිස්ත්‍රික් විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.
මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් සුජීවා බෝධිමාන්න මහත්මිය විසින් කැඳවා තිබිණි. සබරගමුව පළාතේ රත්නපුර සහා කෑගල්ලේ දිස්ත්‍රික්ක දෙකේ රත්නපුර සහ කෑගල්ල මහ නගර සභා, බලන්ගොඩ සහ ඇඹිලිපිටිය නගර සභා, ප්‍රාදේශීය සභා විසිපහක් ලෙස පාලන පළාත් ආයතන 29 ක් ක්‍රියාත්මකය.
ඒ අනුව මෙදින සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානිකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවතී මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමට රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පළාත් පාලන ආයතන ප්‍රධානින් එක්ව සිටියහ.
මෙම වර්ෂය සඳහා රුපියල් මිලියන 853ක් රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ ම පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු සඳහා රජය මගින් ලබාදී ඇතැයි සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය මෙහිදී පැවසීය.
අදාළ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස දැනුම් දුන් සබරගමු පළාත් ආණ්ඩුකාරවරිය රජය මගින් සංවර්ධන යෝජනා ක්‍රම සඳහා ලබාදී ඇති මූල්‍ය ප්‍රදානයන් විධිමත්ව අක්‍රමිකතාවලින් තොරව යෙදවීමට සියලු දෙනා ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු යැයි සඳහන් කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය පැවසුවේ, රජය මගින් මෙලෙස ලබාදී ඇති මිලියන 853 කඩිනමින් පළාත් පාලන ආයතන වල සංවර්ධන කටයුතු සඳහා යොදවන ලෙස හා 2025 වර්ෂය අවසාන වීමට පෙර සංවර්ධන කටයුතු නිමාවට පත් කරන ලෙසය.
ඒ අනුව පළාත් මාර්ග සංවර්ධනය, ප්‍රජා ජල සැපයුම, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු පළාත් පාලන විෂය ක්ෂෙත්‍රයට අදාළ සංවර්ධන ව්‍යාපෘති රැසක් රත්නපු සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙක කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට ක්‍රියාත්මකය.


