බොල්ගොඩ ජලාශයේ සංවර්ධනය සහ කොළඹ කසළ කළමනාකරණය සම්බන්ධ විශේෂ අනුකමිටු රැස්වීමක්

බොල්ගොඩ ජලාශයේ සංවර්ධනය සහ කොළඹ කසළ කළමනාකරණය සම්බන්ධ විශේෂ අනුකමිටු රැස්වීමක්
  • SocialShare:

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සමගාමීව බොල්ගොඩ ජලාශයේ සංවර්ධන කටයුතු පිළිබඳව සහ කොළඹ දිස්ත්‍රික්කය තුළ කසළ කළමනාකරණය පිළිබඳව විශේෂ අනු කමිටු රැස්වීම අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතාගේ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ සහභාගීත්වයෙන් අගෝස්තු මස (23) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවවණාගාරයේදී පැවැත්විණි.

කොළඹ දිස්ත්‍රික්කය තුළ කසළ බැහැර කිරීමට නිශ්චිතවුත් ස්ථීරසාරවූත් විසඳුමක් අදාළ ආයතන සම්බන්ධීකරණයන් ලබා ගැනීමේ අරමුණින් කසළ කළමනාකරණය පිළිබඳව විශේෂ අනු කමිටු රැස්වීම පැවැති අතර එහිදී ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය ඇතුළු දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සම්බන්ධ කරගනිමින් කසළ කළමනාකරණය සඳහා ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට තිරණය විය.

ජල දූෂණය, ආක්‍රමණික විශේෂ ශාක සීඝ්‍ර ලෙස වර්ධනය වීම (Invasive Species) ජපන් ජබර සහ සැල්වීනියා ශාකය ජලාශය ආක්‍රමණය, ස්වදේශික නොවන ශාක සහ සත්ව පරිසර පද්ධති සමතුලිතතාවයට බාධා කරන ලෙස වර්ධනය වීම (වැරෑටි නම් බෙල්ලන් විශේෂය ජලාශය තුළ ව්‍යාප්ත වී තිබීම, ජලාශය ගොඩවීම, අනවසර ඉදිකිරීම් (Encroachment) සහ ඉඩම් ගොඩකිරීම ජලාශයේ විශාලත්වය අඩු කරන අතර සතුන්ගේ ස්වභාවික වාසස්ථාන විනාශ වීම බොල්ගොඩ ජලාශය මේ වනවිට මුහුණ පා ඇති ප්‍රධාන ගැටළු වශයෙන් හදුනාගෙන ඇත. මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, පාරිසරික සංරක්‍ෂණය, යටිතල පහසුකම් සංවර්ධනය, ජීවනෝපාය සංවර්ධනය යනාදිය සිදුකිරිමට අවධානය යොමු වුනු අතර එහිදී මිනුම් දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සකස් කර ඇති සැලැස්මට අනුව බොල්ගොඩ ජලාශ්‍රයේ සීමා මායිම් සලකුණු කිරිමට සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිමටත් තීරණය විය. ඒවගේම ජලාශය අවට අනවසර පදිංචිකරුවන් සිටිනම් ඒ පිළිබඳව තොරතුරු ඉවත්කළ යුතු පවුල් කොපමණද ඇතුළු බොල්ගොඩ ජලාශ්‍රයේ සංවර්ධන කටයුතු කරගෙන යාම සම්බන්ධව වගකිම් දරන ආයතන විසින් සිය ප්‍රගතිය ලබාදීමට කටයුතු කරන ලෙසත් වැඩිදුරටත් දැනුම් දෙන ලදී.

මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි අරුණ පනාගොඩ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රි දේවානන්ද සුරවීර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රි සමන්මලී ගුණසිංහ මහත්මිය, නාගරික මන්ත්‍රීවරුන්, පරිසර අමාත්‍යංශය, බස්නාහිර පළාත් සභාව,පළාත් පාලන කොමසාරිස් කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රි ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ශ්‍රි ලංකා ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය, පරිසර ආරක්ෂණ කොට්ඨාසය, පළාත් පාලන සහකාර කොමසාරිස්,පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය, Western Power ආයතනය යන ආයතන ප්‍රධානින් සහ , බස්නාහිර පළාත් සභා නියෝජ්‍ය ප්‍රධාන ලේකම්තුමා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් කෞෂල්‍යා කුමාරි මහත්මිය (ඉඩම්), අතිරේක ලේකම් කාංචනා ගුණවර්ධන මහත්මිය (පාලන), දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුජිත් බණ්ඩාර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ නාලනි සුබසිංහ මහත්මිය, සහකාර අධ්‍යක්ෂ ගයාත්‍රී බෝපිටිය මහත්මිය, සහකාර දිස්ත්‍රික් ලේකම් සුරේෂ් පරාක්‍රම මහතා, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් සහභාගි විය.