පුලතිසි සරුංගල් සැණකෙළිය පරාක්‍රම සමුදුරු වැවි බැම්මේ දී

පුලතිසි සරුංගල් සැණකෙළිය පරාක්‍රම සමුදුරු වැවි  බැම්මේ දී
  • SocialShare:

සංස්කෘතික කටයුතු  දෙපාර්තමෙින්තුව වාර්ෂිකව සංවිධානය  කරන "නිල්  අහසේ වසන්තය සරුංගල් සැණකෙළියට " සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකමි කාර්යාලය , තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,පොළාන්නරුව මහ නගර සභාව  සහ ප්‍රාදේශීය සභාව  එක්ව සංවිධානය කළ " පුලතිසි සරුංගල් සැණකෙළිය ඊයේ  පස්වරුවේ පරාක්‍රම සමුදුරු වැවි  බැම්මේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ  කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අඅවස්ථාවට පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රත්නසිරි , පද්මසිරි බණ්ඩාර , පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක , තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් ඉන්දික කරුණාරත්න යන මහත්වරුන්  ඇතුළු  පිරිසක් සහභාගි වී සිටි අතර ජයග්‍රහක යන් සදහා මුදල් ත්‍යාග පිරිනැමිණි.