බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා බදුල්ල දිස්ත්‍රික් වැඩිහිටි බලමණ්ඩලය එක්ව සංවිධානය කළ කංචුක පූජා වැඩසටහනක් ඊයේ (27) පෙරවරුවේ බදුල්ල මුතියංගන රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා බදුල්ල දිස්ත්‍රික් වැඩිහිටි බලමණ්ඩලය එක්ව සංවිධානය කළ කංචුක පූජා වැඩසටහනක් ඊයේ (27) පෙරවරුවේ බදුල්ල මුතියංගන රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.
රත්නපුර නව නගරයේ පිහිටි සබරගමුව පළාත් ක්‍රීඩා සංකීර්ණය ඊයේ (27) ක්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
එළඹෙන ජූලි 06 පැවැත්වීමට නියමිත කිරුළපන පුෂ්පාරාම පෙරහැර සම්බන්ධව පූර්ව සාකච්ඡාවක් පසුගියදා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
ග්‍රාමීය ජනතාවට සිය පළාත් පාලන ආයතන මගින් ඉටු විය යුතු සේවාවන් ලබා ගැනීම සඳහා දේශපාලනඥයන් පසුපස යා යුතුව තිබූ යුගය අවසන් කරන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
මාතර - අකුරැස්ස ප්‍රදේශයේ දෙදියගල ආශ්‍රිතව නිල්වලා ගංගා ද්‍රෝණිය කේන්ද්‍ර කර ගනිමින් නව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් සකස්කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, මහවැලි කේන්ද්‍රයේ 2025 - 2027 දෑ අවුරුදු වැඩ සැලැස්මට සමගාමීව, ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව "මහවැලි ජනපදිකයන්ගේ සෞන්දර්ය හැකියාවන් වැඩිදියුණු කිරීම සහ ඔවුන්ට වෘත්තීමය තත්ත්වයක් උදාකරදීමේ අරමුණ සහිත දෙදින පුහුණු වැඩසටහනේ සමාරම්භය ඊයේ(21) පොළොන්නරුව , අරලගංවිල පොලිස් විද්‍යාලයේ දී පවත්වන ලදී.
දිවයින පුරා දිස්ත්‍රික්ක මට්ටමින් විසිරී සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන "ඇසිදිසි පියවර" - කළුතර දිස්ත්‍රික් මාධ්‍යවේදී වැඩමුළුව ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ කළුතර මහ දිසාපති ජනක කේ. ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, රජයේ ප්‍රවෘත්තිය අධ්යක්ෂ ජනරාල් එච්.එස් කේ. ජේ.බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් ඊයේ(21) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සාර්ථක අන්දමින් පැවැත්විණ.
මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවත් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් එක්ව සංවිධානය කළ රැකියා අපේෂිතයින් දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගියදා (18) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ටැමරීන් ශාලාවේ දි පැවැත්විණි.
කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කළාය.
කොළඹ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිකර දෙමින් ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ඡන්ද 61ක් ලබා ගනිමින් නව නගරාධිපතිවරිය ලෙස තේරී පත් වූවාය.
දරුවන්ගේ ශාරිරික හා මානසික යෝග්‍යතාව පවත්වා ගැනීමට ක්‍රීඩාව සහ ශාරිරික අධ්‍යාපනය අත්‍යවශ්‍ය අංගයක් බවත්, ක්‍රීඩා කෞශල්‍යය ඇති දරුවන් හඳුනා ගැනීමේ මුල්ම වගකීම ඇත්තේ පාසල් ගුරුවරයා සතුව බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසුවේය.
විදේශගතව සිටින සහ විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින විගමනික ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය හඳුන්වා දුන් විගමනික ශ්‍රමික විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳව කෑගල්ල දිස්ත්‍රික්කයේ විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් සහ සමාජ ආරක්ෂණ සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ (13) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනී යාමිනි රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.