සබරගමුව පළාත් ක්‍රීඩා සංකීර්ණය, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

සබරගමුව පළාත් ක්‍රීඩා සංකීර්ණය, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට
  • SocialShare:

රත්නපුර නව නගරයේ පිහිටි සබරගමුව පළාත් ක්‍රීඩා සංකීර්ණය ඊයේ (27) ක්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

මෙම ක්‍රීඩා සංකීර්ණය නිරීක්ෂණයට එක්වෙමින් සුගත් තිලකරත්න මහතා සඳහන්කළේ විශේෂයෙන් වැඩ නිමවෙමින් පවතින ක්‍රීඩාංගනය, නිරන්තරයෙන් වැසි සහිත කාලගුණයක් පවතින රත්නපුර දිස්ත්‍රික්කයට උචිත ලෙස සැකසීමට බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම මෙම පළාත් ක්‍රීඩා සංකීර්ණය අංග සම්පූර්ණ ලෙස ඉදිකර අවසන් කිරීමෙන් පසු රත්නපුර දිස්ත්‍රික්කයට පමණක් නොව දිස්ත්‍රික්කයට යාබඳ අනෙකුත් දිස්ත්‍රික්කවලටද වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බවයි.
එමෙන්ම මෙහි වැඩ නිමවීමෙන් පසු ජාතික ක්‍රීඩා උළෙලක් මෙම ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වීමට බලාපොරොත්තුවන බවද වැඩිදුරටත් අදහස්දැක්වූ සුගත් තිලකරත්න මහතා පැවසීය.
මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ශාන්ත පද්මකුමාර මහතා, රත්නපුර දිස්ත්‍රික් ලේකම්, දිසාපති කේ.ජී.එස්. නිශාන්ත මහතා ඇතුළු පිරිසක් සහභාගීවූහ.