මාතර-අකුරැස්ස,දෙදියගල කේන්ද්‍ර කරගනිමින් නව සංචාරක කලාපයක්

මාතර-අකුරැස්ස,දෙදියගල කේන්ද්‍ර කරගනිමින් නව සංචාරක කලාපයක්
  • SocialShare:

මාතර - අකුරැස්ස ප්‍රදේශයේ දෙදියගල ආශ්‍රිතව නිල්වලා ගංගා ද්‍රෝණිය කේන්ද්‍ර කර ගනිමින් නව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්  සකස්කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

සංචාරක ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තුවන කලාපයන්හි ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් සහ පවතින අඩුපාඩ පිලිබඳව සොයා බැලීමට අමාත්‍යවරයා පසුගියදා එහි නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

මූලික වශයෙන් පවතින  අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා ඒ වෙනුවෙන්  විශේෂිත වූ සංචාරක ප්‍රවර්ධන කාර්යංශය ඇතුළු ආයතන සම්බන්ධ කර ගනිමින් උපදෙස් සහ මගපෙන්වීම ලබාගැනීමටත්, ස්වභාව සෞන්දර්යයෙන් අනූන පරිසර කලාපයක් වන මෙම පරිසර කලාපයේ සුන්දරත්වයට හානියක් නොවන පරිදි  හා ගමත් සංස්කෘතියත් හා බද්ධව ගොඩනැගෙන ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන මෙහි ඉදිරි සැලසුම් පිලිබඳව දෙදියගල  ආරණ්‍ය සේනාසනය හා විහාරස්ථානයන්හි වැඩවසන සංඝයා වහන්සේලා සමඟද  සාකච්ඡා කරන ලදී.

මෙම නිරීක්ෂණ චාරිකාවට අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා, ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.