All Stories

නවක පත්වීම් ලැබූ කළමනාකරණ සේවා නිලධාරීන් වෙනුවෙන් පුහුණු වැඩසටහනක්

කළමනාකරණ සේවා නිලධාරී සේවයේ තුන්වැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය 2023 යටතේ බඳවාගත්, 2025 වර්ෂයේ පත්වීම් ලැබූ නිලධාරීන් සඳහා සේවාරම්භක පුහුණු වැඩසටහනක් පසුගියදා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නව ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

නවක පත්වීම් ලැබූ කළමනාකරණ සේවා නිලධාරීන් වෙනුවෙන් පුහුණු වැඩසටහනක්

මූලික රෝහලක් බවට පත් වූ බණ්ඩාරවෙල රෝහල ජනතා අයිතියට

ප්‍රාදේශීය රෝහලක් ලෙස පැවති බණ්ඩාරවෙල  රෝහල මූලික රෝහලක් බවට පත් කොට ජනතා අයිතියට පත් කිරීම, සෞඛ්‍යා හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) සිදුකෙරිණි.

මූලික රෝහලක් බවට පත් වූ බණ්ඩාරවෙල රෝහල ජනතා අයිතියට

“විරුලිය” කාන්තා සවිබලකරණ වැඩමුළුව පොළොන්නරුවේදී

රණවිරු සේවා අධිකාරිය මගින් දිවිපිදු රණවිරුවන්ගේ සහ රණක්ෂිතයට පත්  රණවිරුවන්ගේ භාර්‍යාවන්, මව්වරුන්, දියණිවරුන් සඳහා පවත්වන "විරුලිය" කාන්තා සවිබලකරණ වැඩසටහන් මාලාවේ පොළොන්නරුව දිස්ත්‍රික් වැඩමුළුව අගෝස්තු 13  පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභීරු ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

“විරුලිය” කාන්තා සවිබලකරණ වැඩමුළුව පොළොන්නරුවේදී

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික්   මහතා (Mr. Andrew patrick)  අතර හමුවක් අද (15)  මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුවිය.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක්

ඉන්දීය 79 වන නිදහස් දින සැමරුම මහනුවරදී

ඉන්දීය 79 වන නිදහස් දින සැමරුම් උත්සවය ඉන්දීය සහකාර මහ කොමසාරිස් සාරන්‍යා වී.එස්. මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි එම සහකාර මහ කොමසාරිස් කාර්යාලයේදී අද (15) පැවැත්විණි.

ඉන්දීය 79 වන නිදහස් දින සැමරුම මහනුවරදී

ඇසි දිසි පියවර "- ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතරදී

දිවයින පුරා දිස්ත්‍රික්ක මට්ටමින් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල නිරතවන මාධ්‍යවේදින් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලබන “ඇසිදිසි පියවර” මාතර දිස්ත්‍රික් මාධ්‍යවේදි අභිප්‍රේරණ වැඩමුළුව ඊයේ(14) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ දැනුම, කුසලතා සහ වෘත්තීය හැකියාවන් වර්ධනය කිරීම සඳහා මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි.

ඇසි දිසි පියවර "- ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතරදී