කළමනාකරණ සේවා නිලධාරී සේවයේ තුන්වැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය 2023 යටතේ බඳවාගත්, 2025 වර්ෂයේ පත්වීම් ලැබූ නිලධාරීන් සඳහා සේවාරම්භක පුහුණු වැඩසටහනක් පසුගියදා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නව ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
දින පහක් පුරා පැවති වැඩසටහන තුළින් රාජ්‍ය නිලධාරීන්ගේ සාමාන්‍ය හා විනය, ආචාරධර්ම, ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සංවේදීතාව, මෘදුකුසලතා හා ආකල්ප වර්ධනය,ආයතන සංග්‍රහය හා රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති පිළිබඳ මූලික දැනුම, cleanක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය පිළිබඳව දැනුවත් කිරීම තොරතුරු තාක්ෂණ භාවිතය පිළිබඳ මූලික දැනුම, රාජ්‍ය සේවය හැඳින්වීම හා කළමනාකරන සේවා නිලධාරී සේවයට අදාළ සේවාවේ අවස්ථාව පිළිබඳ හැඳින්වීම සිදුකරන ලදී.
ඊට අමතරව කාර්යාල ක්‍රම හා කාර්යාල කළමනාකරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හා මුදල් රෙගුලාසි පිළිබඳ මූලික දැනුම, නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ මූලික දැනුම දේශන වැඩසටහන් ඔස්සේ සහභාගි වූ නිලධාරීන් වෙත ලබාදීම සිදුකරන ලදී.
සහකාර දිස්ත්‍රික් ලේකම් සුරංග ප්‍රදීප්, සහකාර ප්‍රාදේශීය ලේකම් චතුරිකා ගජනායක, හොරණ කලාප අධ්‍යාපන කාර්යාලයේ ඝනකාධිකාරී සම්පත් මල්ලිකාරච්චි , තොරතුරු තාක්ෂණ නිලධාරීනි ගයනි ගුණසිංහ, අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරි දිනේෂ් සිරිවර්ධන, සමථ නිලධාරි ප්‍රියන්ත ලියනගේ, උපදේශන සහකාර යශිකා සමරතුංග යන නිලධාරීන් සම්පත් දායකත්වයෙන් එක්වූහ.
වැඩසටහන අවසානයේ සහභාගි වූ නිලධාරීන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීම ඊයේ දිනයේ දී සහකාර දිස්ත්‍රික් ලේකම් සුරංග ප්‍රදීප් මහතා විසින් සිදු කරන ලදී. මෙම වැඩසටහන සම්බන්ධීකරණය කළමනාකරණ සේවා නිලධාරිනි සුලාරිකා රචිනි මහත්මිය විසින් සිදු කරන ලදී.


