ප්‍රාදේශීය රෝහලක් ලෙස පැවති බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් බවට පත් කොට ජනතා අයිතියට පත් කිරීම, සෞඛ්‍යා හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) සිදුකෙරිණි.
බණ්ඩාරවෙල ප්‍රාදේශීය රෝහල, 'බි' වර්ගයේ මූලික රෝහලක් ලෙස උසස් කර ඒකාබද්ධ ආයුර්වේද සුවතා පහසුකම් සහිතව සංවර්ධන කිරිමට වත්මන් රජය කඩිනමින් පියවර ගනු ලැබීය. ඒ අනුව මින් ඉදිරියට ප්‍රදේශයේ ජනතාවට වැඩි පහසුකම් සහිත සෞඛ්‍ය සේවයක් ලබා ගැනීමට ඉඩහසර ලැබෙනු ඇත.
මෙම අවස්ථාවට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර යන මහත්වරුන් ඇතුලු ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය, ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය, බණ්ඩාරවෙල රෝහලේ වෛද්‍යවරුන් සහ එහි කාර්යමණ්ඩලය ඇතුලු පිරිස සහභාගි විය.


