දිවයින පුරා දිස්ත්‍රික්ක මට්ටමින් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල නිරතවන මාධ්‍යවේදින් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලබන “ඇසිදිසි පියවර” මාතර දිස්ත්‍රික් මාධ්‍යවේදි අභිප්‍රේරණ වැඩමුළුව ඊයේ(14) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ දැනුම, කුසලතා සහ වෘත්තීය හැකියාවන් වර්ධනය කිරීම සඳහා මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි.
ශ්‍රි ලංකාවේ වත්මන් මාධ්‍ය ක්‍රියාකාරිත්වය සහ දිස්ත්‍රික් මාධ්‍යවේදීන්ගේ කාර්යභාර්ය පිළිබද ජේෂ්ඨ මාධ්‍යවේදී ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා මහතා විසින් මාධ්‍යවේදීන් දැනුම්වත් කළ අතර,
මාධ්‍ය ආචාරධර්ම සහ ශ්‍රි ලංකාවේ වත්මන් මාධ්‍ය භාවිතය පිළිබදව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා මහතා විසින් මාධ්‍යවේදීන් දැනුවත් කරමින් සිය අදහස් දැක්විය.
නවීන තාක්ෂණය මාධ්‍යවේදියා විසින් සිය භාවිතයට ගන්නේ කෙසේද යන්න පිළිබදව ජනධිපති මාධ්‍ය උපදේශක ජේෂ්ඨ මාධ්‍යවේදී චන්දන සුරියබණ්ඩාර මහතා විසින් මාධ්‍යවේදීන් දැනුවත් කරනලදී.
මාධ්‍යකරණයේදී මාධ්‍යවේදින් මුහුණ දෙන ගැටලු පිළිබදව සාකච්ජාවාරයකින් සහ සමාලෝචනයකින් අනතුරුව මෙම වැඩසටහන සාර්ථකව නිමවිය.
මෙම වැඩසටහන සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) එල්.ජී.තිලකරත්න මහතා ඇතුළු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිළධාරින්ද, මාතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් ඇතුව රාජ්‍ය නිළධාරින් බොහෝ පිරිසක් සහභාගී වි සිටියහ.
මාතර දිස්ත්‍රික් ලේකම්/ දිසාපති චන්දන තිලකරත්න මහතාගේ හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න ,රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
becomes a
superhero
because he eats too much.


