පාරසරික සමතුලිත බව ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස “Green Team” වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය වැඩසටහන් මාලාව යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී ඇරඹුණු දෙවන නාගරික වනෝද්‍යානයේ (Urban Forest) පැළ සිටවීමේ කටයුතු ඊයේ (01) සිදු කෙරුණි.
දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ලලින්ද ගමගේ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම පරිදි ක්‍රියාත්මක වන මෙම වැඩසටහන නාගරික වනාන්තර සංකල්පය යටතේ සිදු කෙරේ.
නගරයේ ඇති කාර්මීකරණයත්, තාක්ෂණික හා ගොඩනැගිලිවලින් තොර පාරසරික වශයෙන් වනගහනයෙන් යුතු ස්ථානයක් නිර්මාණය කිරීම තුළින් මානසික සුවයක් ඇති, වායු දූෂණය වළක්වා ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණකි.
දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැළ සිටුවීම සිදු කළ අතර මෙම අවස්ථාවට ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ආසිරි වීරසේකර, ගම්පහ ප්‍රාදේශීය ලේකම් නදීෂානි අමරසිංහ, පරිපාලන නිලධාරීනී ඩබ්ලිව්.එස්.ඩබ්ලිව්. රුද්රිගු, යන මහත්මීන් ඇතුළුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ “Green Team” කණ්ඩායම් එක්ව සිටියහ.


