ගම්පහ දිස්ත්‍රික්කයේ ඇළ වේළි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරේ

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇළ වේළි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරේ
  • SocialShare:

දීර්ඝ කාලයක සිට ප්‍රතිසංස්කරණය නොවූ ඇළ මාර්ග පිළිසකර කිරීමේ වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ බුළුගහගොඩ ඇළ මාර්ගයේ පිළිසකර කිරීමේ කටයුතු ඊයේ (10) ආරම්භ කළ බව එම දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

ඒ අනුව එම දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත සියලුම ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 12ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.