රුපියල් මිලියන 11 ක වියදමින් මීටර් පන්සීයක දුරක් කාපට් අතුරා සංවර්ධනය කරන ලද අලුත්ගම දර්ගා නගරය එස් එම් පාර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද(08)ජනතා අයිතියට පත් කෙරිණි.
බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අලුත්ගම දර්ගා නගරය එස් එම් පාර දැඩි ලෙස අබලන්වීම නිසා වසර ගණනාවක් තිස්සේ එම මාර්ගයේ ගමන් කිරීම නොහැකිව ප්‍රදේශවාසී ජනතාව ගැටලු රාශියකට මුහුණ දුනි.
බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැලිපිටිය ග්‍රාම නිලධාරී වසමේ පිහිටි මෙම මාර්ගය සංවර්ධනය කිරීම හරහා අලුත්ගම දර්ගා නගරයේ ජනතාවට වැලිපිටිය ප්‍රදේශයෙන් බේරුවල නගරය දක්වා ඉතාමත්ම පහසුවෙන් ගමන් කිරීමට හැකියාව පවතී.මෙම මාර්ගය සංවර්ධනය කිරීම නිසා ප්‍රදේශයේ පවුල් දහසකට ආසන්න සංඛ්‍යාවකට සෙත සැලසේ.
මෙම මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා බේරුවල නගර සභාවේ නගරාධිපති කොහොමඩ් මෆාසිම් මහතා ඇතුළු ජනතා නියෝජිතයින් රැසක්ම මෙම අවස්ථාවට එක් වූහ.


