ඌව පළාතේ මාර්ග 100 ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව ,මයිලගස්තැන්න – තොරණ කපොල්ල – කෝට්ටේගොඩ මාර්ගය සංවර්ධනය කිරීම අද (29) ආරම්භ කරන ලදී.
පුනරුදයට මං පෙත් වැඩසටහනට සමගාමීව ඌව පළාතේ අනෙකුත් දිස්ත්‍රික්වලද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම විශේෂ අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා,වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ මහතා, නාගරික මන්ත්‍රීවරුන්, පළාත් සභා නිලධාරින් ඇතුලු පිරිසක් එක්විය.


