"පුංචි අපට ලොව දිනන්න - සෙල්ලමටත් ඉඩක් දෙන්න" මුල්ලමා විය ජාතික සතියට සමගාමීව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා වැඩ බලන මහ දිසාපති ශානික ත්‍රිමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නව ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
පූර්ව ළමා විය දරුවන් සඳහා වන ක්‍රියාකාරකම් පදනම් කරගනිමින් පැවැත්වූ මෙම වැඩසටහන දිස්ත්‍රික් මුල් ළමා විය සංවර්ධන නිලධාරී සහ දිස්ත්‍රික් ළමා හා කාන්තා ඒකකය එක්ව සංවිධානය කරන ලදී.
දරුවන් සඳහා දල චාලක ක්‍රියාකාරකම්,සියුම් චාලක ක්‍රියාකාරකම්, චිත්‍ර චිකිස්තාව, සංගීත චිකිස්තාව , අත්කම් නිර්මාණය, කණ්ඩායම් ක්‍රියාකාරකම් , නිදහස් චලන හා නර්තන ආදී ක්‍රියාකාරකම් රැසක් මෙම වැඩසටහන තුළ අන්තර්ගත විය.
මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ විශේෂ පුහුණු උපදේශක මදුමි නැන්දා ප්‍රමුඛ කණ්ඩායම මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය දක්වන ලදී.
මෙහි සමාරම්භක අවස්ථාව සඳහා කළුතර ප්‍රාදේශීය ලේකම් සාරංගී ධීරරත්න මහත්මිය, සහකාර දිස්ත්‍රික් ලේකම් සුරංග ප්‍රදීප් මහතා ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ මුල් ළමාවිය අධ්‍යාපනය හදාරන දූ දරුවන් ගුරුවරුන් රැසක් සහභාගී වූහ.


