ඇසි දිසි පියවර - ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් කුරුණෑගලදී

ඇසි දිසි පියවර - ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් කුරුණෑගලදී
  • SocialShare:

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ "ඇසි දිසි - පියවර" කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුව ඊයේ (25) කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ දැනුම, කුසලතා සහ වෘත්තීය හැකියාවන් වර්ධනය කිරීම සඳහා මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි. මෙහිදී "මාධ්‍ය ආචාර ධර්ම සහ ශ්‍රී ලංකාවේ වත්මන් මාධ්‍ය භාවිතය" මැයෙන් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා මහතා විසින් දේශනයක් පැවැත්වූ අතර ශ්‍රී ලංකාවේ වත්මන් මාධ්‍ය ක්‍රියාකාරීත්වය සහ දිස්ත්‍රික් මාධ්‍යවේදියාගේ කාර්යභාරය සම්බන්ධයෙන් ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා මහතා අදහස් දක්වන ලදී. ජනාධිපති මාධ්‍ය උපදේශක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතාද විශේෂ දේශනයක් සිදුකළ අතර

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වැටුප් සම්බන්ධ ගැටලු සහ මාධ්‍ය වාර්තාකරණයේදී ඔවුන් මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු වුණි.

මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක,රජ‍යේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.ජේ බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.