අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටුව රැස්වෙයි

අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටුව රැස්වෙයි
  • SocialShare:

අනුරාධපුර පුජා නගර සංවර්ධන සමාලෝචන කමිටු රැස්විම අටමස්ථානාධිපති , නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්  පසුගිය දා  රැස්විය.

පූජා නගරයේ සංවේදි හා අධි සංවේදි කළාපයන්ගේ සංවර්ධන කටයුතු, ඉදිකිරිම් ගැටලු  හා අනවසර ඉදිකිරිම් ආදිය පිළිබදව සාකච්ඡා  කර, ඒ සදහා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

අභයගිරි විහාරය ඉදිරිපිට ඉදිවන කඩ ඉතාමත් අවිධිමත් බවත්,  ඒ සදහා කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නැති බව අභයගිරි චෛත්‍යාරාමාධිකාරී, රාජකීය පණ්ඩිත, ආචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රකාශ කළහ.

පූජා භූමියේ පවත්වාගෙන යන කඩ නිසි ප්‍රමිතියෙන් යුතුව පවත්වාගෙන යා යුතු බව අටමස්ථානාධිපති හිමියන් මෙහිදී පෙන්වා දෙන ලදී. වෙළෙඳාමට මුවා වී විවිධ අපචාර සහ මත්ද්‍රව්‍යය වෙළෙඳාම් සිදුවන බැවින්  මේ සඳහා නිසි නියාමනයක් සිදුකළ යුතු බව උන්වහන්සේ පෙන්වා දුන් සේක. මෙම කඩ විධිමත් කර, බැතිමතුන් හට බුද්ධාලම්භන ප්‍රිතිය ඇතිව වන්දනාමාන කිරීමට සුදුසු වට පිටාවක් සකස් කළයුතු බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

මෙම කමිටු රැස්වීමට එක් වූ පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ජයතිලක මහතා සදහන් කළේ, අභයගිරිය අසල අනවසර වෙළදුන් 46 දෙනෙකු,  සඳකඩපහන අසල 17 දෙනෙකු හා කුට්ටම් පොකුණ  අසල 26 දෙනෙකු පමණ වෙළදාම් කටයුතු සිදුකරන බවයි.

රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී, රජරට විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඊතල්වැටුණු වැවේ ඥානතිලක නායක නාහිමිපාණන්වහන්සේ සදහන් කළේ ,   රුවැන්වැලි සෑය අවට මල් වෙළෙඳසැල් පවත්වාගෙන යන වෙළෙඳුන්  වෙළෙඳසැල් පිටත සිට එම වෙළදාම සිදු කිරිම නිසා බැතිමතුන්ට අවහිරයක් වන බවයි. එය නිසි පරිදි නියාමනය සිදු කිරිමට අවශ බවත් උන්වහන්සේ සදහන් කලහ.

ලෝවාමහා පාය නැවත ප්‍රතිසංස්කරණය කටයුතු සිදු කරන බවත්, එහි විධිමත්භාවයෙන් තොරව කළ  ප්‍රතිසංස්කරණයන් තිබෙන බවත්, දැනට කැණීම් සිදුකරගෙන යන බවත් කමිටුවේ ලේකම්  භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රුචිර විතාන මහතා සඳහන් කරන ලදී.

මේ අවස්ථාව සඳහා ලංකාරාම චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය රළපනාවේ ධම්මජෝතී නා හිමිපාණන්,මිරිසවැටිය චෙත්‍යරාමාධිකාරි  වැලිහේනේ සෝභිත හීමියන්, සහකාර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න යසරත්න, අනුරාධපුර නගරාධිපති එන්.කරුණාරත්න, මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.එස් දිසානායක, නාගරික කොමසාරිස් නිශාන්ත රෝයි, පොලීසියේ හා හමුදා නිලධාරීන් ,  පුජාභුම් සංවර්ධන නිලධාරි ප්‍රශාන් දනුශ්ක. මධ්‍යම නුවරගම් පළාත බෞද්ධ කටයුතු නිලධාරි  ඇතුලු රාජ්‍ය නිලධාරින් මෙන්ම නාගරික සංවර්ධන අධිකාරීය, විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ආදි සියලු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරින්  සම්බන්ධ වුහ.