ගාල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් සමග විශේෂ සාකච්ඡාවක්

ගාල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් සමග විශේෂ සාකච්ඡාවක්
  • SocialShare:

ගාල්ල දිස්ත්‍රික්කයේ  තේ කර්මානතයේ යෙදී සිටින්නන් සමග විශේෂ සාකච්ඡාවක්  ඊයේ  (24) දින ගාල්ල, හෝල් දි ගෝල් ශාලාවේදි  පැවැත්විය.

සමස්ත තේ නිෂ්පාදනයෙන් 75%ක් කුඩා තේ වතු හිමියන් විසින් නිෂ්පාදනය කරන අතර,  ඔවුන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කරමින්, ඒ සඳහා යෝජනා කළ හැකි විසඳුම් පිළිබඳවද ඔවුන්ගෙන් ඉදිරිපත් වු අදහස් යෝජනා සම්බන්ධයෙන් මෙහිදී  සාකච්ඡා කෙරුණි.

මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා, ගාල්ල දිස්තික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා, ටී.කේ ජයසුන්දර මහතා, තිලංක ගමගේ මහතා ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ද, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වැවිලි ප්‍රතිපත්ති සහ තේ සංවර්ධන ) තරංගි වික්‍රමසිංහ මහත්මිය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් උඩුගම්පල මහතා, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරිතුමා, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සහකාර තේ කොමසාරිස්තුමා, ශ්‍රි ලංකා තේ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකතුමා, ශ්‍රි ලංකා තේ පර්යේෂණ ආයතනයේ පහත රට මධ්‍යස්ථානයේ ස්ථානභාර නිළධාරින්, වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂකතුමා, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ රත්නපුර කළාපයේ ප්‍රාදේශිය කළමනාකාරතුමා ඇතුළු නිළධාරින් හා ගාල්ල ප්‍රාදේශීය සමිති සංවිධානය සාමාජිකයන් ඇතුලු නිළධාරි මණ්ඩලය මේ සඳහා සහභාගි විය