ක්‍රීඩා කෞශ්‍යලය ඇති දරුවන් හඳුනා ගැනීමේ මුල්ම වගකීම ඇත්තේ පාසල් ගුරුවරයා සතුවයි

ක්‍රීඩා කෞශ්‍යලය ඇති දරුවන් හඳුනා ගැනීමේ මුල්ම වගකීම ඇත්තේ පාසල් ගුරුවරයා සතුවයි
  • SocialShare:

දරුවන්ගේ ශාරිරික හා මානසික යෝග්‍යතාව පවත්වා ගැනීමට ක්‍රීඩාව සහ ශාරිරික අධ්‍යාපනය අත්‍යවශ්‍ය අංගයක් බවත්, ක්‍රීඩා කෞශල්‍යය ඇති දරුවන් හඳුනා ගැනීමේ මුල්ම වගකීම ඇත්තේ පාසල් ගුරුවරයා සතුව බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසුවේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද(16) දියගම දී පැවති අන්තර් විද්‍යා පීඨ ක්‍රීඩා උලෙළ අමතමිනි.

 ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ  20 ක ශික්ෂණලාභී ගුරුවරුන්ගේ ක්‍රීඩා හැකියාවන් විදහාපෑම සඳහා පැවැත්වෙන මෙම ක්‍රීඩා උලෙළ මෙවර පැවැත්වූයේ 17 වන වරටයි.

එහිදී වැඩිදුරටන් අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

අප රජයක් ලෙස පාසල් ක්‍රීඩාව නඟා සිටුවීමට ප්‍රතිපාදන වෙන් කොට තිබෙනවා. මේ වන විටත් ක්‍රීඩා පාසල් සම්බන්ධයෙන් සමාලෝචන වැඩසටහනකයි ඉන්නෙ. ක්‍රීඩාව යනු ජය පරාජය දෙකම ගැන උගන්වන්නක්. ක්‍රීඩාව තුළින් ලැබෙන ඒ පන්නරය පාසල් අධ්‍යාපනයේදීත් එක හා සමානව වැදගත් වෙනවා. අනාගත ගුරුවරුන් ලෙස ශිෂ්‍යයන්ට මේ පණිවිඩය රැගෙන යාමේ වගකීම ඇත්තේ ඔබ සතුවයි.