දිවයින පුරා දිස්ත්‍රික්ක මට්ටමින් විසිරී සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන "ඇසිදිසි පියවර" - කළුතර දිස්ත්‍රික් මාධ්‍යවේදී වැඩමුළුව ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ කළුතර මහ දිසාපති ජනක කේ. ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, රජයේ ප්‍රවෘත්තිය අධ්‍යක්ෂ ජනරාල් එච්.එස් කේ. ජේ.බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් ඊයේ(21) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සාර්ථක අන්දමින් පැවැත්විණ.
කළුතර දිස්ත්‍රික් ලේකම් / මහා දිසාපති ජනක කේ. ගුණවර්ධන මහතාගේ පිළිගැනීමේ හා අදහස් දැක්වීමෙන් අනතුරුව මෙම වැඩමුළුවෙහි අරමුණ සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා විසින් පැහැදිලි කිරීමක් සිදුකරන ලදී.
අනතුරුව ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මාධ්‍යවේදීන් ආමන්ත්‍රණය කරමින් දිස්ත්‍රික්කයේ අභිවෘද්ධිය වෙනුවෙන් කළුතර මාධ්‍යවේදීන් ඉටුකරන කාර්යභාරයය පිළිබඳව කෘතවේදිත්වය පළ කළේය.
මාධ්‍ය ආචාරධර්ම සහ ශ්‍රී ලංකාවේ වත්මන් මාධ්‍ය භාවිතය පිළිබඳ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා මහතා විසින් මාධ්‍යවේදීන් දැනුවත් කළ අතර ශ්‍රී ලංකාවේ වත්මන් මාධ්‍ය ක්‍රියාකාරීත්වය සහ දිස්ත්‍රික් මාධ්‍යවේදියාගේ කාර්යභාරය සම්බන්ධයෙන් ලේක් හවුස් ආයතනයේ කතෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර පරණ යාපා මහතා අදහස් දැක්වීය.
මාධ්‍යකරණයේ දෘෂ්ටිවාදී ගැටලු සහ අභියෝග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියාන් ආර්. විජය බණ්ඩාර මහතා විසින් මාධ්‍යවේදීන් දැනුවත් කරන ලදී.
සාකච්ඡා වාරයකින් සහ සමාලෝචනයකින් අනතුරුව සිදු කෙරුණු දිවා භෝජන සංග්‍රහයෙන් පසුව මෙම වැඩමුළුව නිමාවට පත්විය.කළුතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය මගින් මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදී.
මෙම වැඩමුළුව සඳහා
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති)එල්.පී තිලකරත්න මහතා ඇතුළු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ජනමාධ්‍යවේදීන් රැසක් සහභාගි වූහ.


