මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවත් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් එක්ව සංවිධානය කළ රැකියා අපේෂිතයින් දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගියදා (18) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ටැමරීන් ශාලාවේ දි පැවැත්විණි.
ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.ඩබ්ලිව් .එස්. කිත්සිරි මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහන
සංවිධානය ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන් සහ මානව සම්පත් නිලධාරීන් විසින් සිදු කරන ලදී.
මේ සඳහා සම්පත් දායකත්වය ලබා දෙන්නේ ගම්පහ දිස්ත්‍රික් මානව සම්පත් සංවර්ධන නිලධාරීන් වන රෝහණ ජයලත් සහ බණ්ඩාර වීරකෝන් යන මහත්වරුන් විසිනි.
මෙම වැඩසටහන සදහා DSI සමූහ ව්‍යාපාරය යටතේ වන කඩවත , ගෝනහේන පිහිටා ඇති රන්පා ආයතනය, කැලණිය DSI Tyre ආයතනය සහ ගම්පහ SMI වෘත්තීය පුහුණු සහ විදේශ රැකියා ඒජන්සිය යන ආයතනවල මානව සම්පත් අංශ සහභාගී වූ අතර මෙහිදී අදාළ ආයතනවල පවතින පුරප්පාඩු සඳහා රැකියා අපේක්ෂිතයින් බදවා ගැනීමට ද පියවර ගනු ලැබීය
රැකියා අපේක්ෂිතයින් සමග මෙම වැඩසටහනට සහභාගී වූ දෙමාපියන්ගෙන් ද මේ පිළිබඳ ඉතා ඉහල ඇගයීමක් ලැබුණු අතර රජයේ ආයතන දෙකක් , පෞද්ගලික අංශයේ ආයතනවල ද සහභාගීත්වය ලබාගෙන කරනු ලබන මෙම සත්කාර්යය තව ඉදිරියටත් දැයේ දරුවන් උදෙසා සිදු කරන ලෙස ඔවුන් මෙහිදී ඉල්ලීමක් ද සිදු කළහ.


