ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උපසභාපති තෝරාපත් කර ගැනීමේ රැස්වීම, ඌව පළාත් පාලන කොමසාරිස් හේමන්ත දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද(11) පස්වරුවේ ඌව පරණගම ප්‍රාදේශීය සභාවේදී පැවැත්විණි.
එහිදී ජාතික ජන බලවේගයේ ජිනදාස රත්නායක මහතා ඡන්ද 22 ක් ලබාගෙන සභාපති තනතුරට පත් වූ අතර ඔහු සමග තරග කළ සමගි ජන බලවේගයේ සුබසේන මහතාට හිමිවූයේ ඡන්ද 17 ක් පමණි.
සභාපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා රහස්‍ය ඡන්දයක් පැවතුණි. එහිදී එක් ඡන්දයක් ප්‍රතික්ෂේප වූ අතර ජන අරගල සන්ධානය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටින ලදී.
උප සභාපති තෝරාපත් කර ගැනීමේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තනූජා රසාංජලී මහත්මිය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් සමින්ද සුදර්ශන මහතා තරග කරන ලදි. එහිදී ද ජන අරගල සන්ධානය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටි අතර දෙදෙනාටම සමාන ඡන්ද හිමි විය. ඒ හේතුවෙන් කුසපත් ඇදීමේ අවස්ථාවට යොමු විය. එහිදී ජාතික ජන බලවේගයේ තනූජා රසංජලී මහත්මිය උප සභාපති ලෙස තේරී පත් වූවාය.
ඌව පරණගම ප්‍රාදේශීය සභාව සභික ධූර 41 කින් සමන්විත වන අතර පසුගියදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයට සභික ධූර 20 ක්, සමගි ජන බලවේගයට සභික ධූර 08ක්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සභිකධූර 05ක්, එක්සත් ජාතික පක්ෂයට සභිකධූර 03ක්, පොදු ජන එක්සත් පෙරමුණට සභික ධූර 03ක්, ජන අරගල සන්ධානයට එක් සභික ධුරයක් සහ සර්වජන බලය පක්ෂය සඳහා එක් සභික ධූරයක් බැගින් හිමිවිය.