බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තෝරාපත් කර ගැනේ

බණ්ඩාරවෙල  මහ නගර සභාවේ නගරාධිපති සහ  නියෝජ්‍ය නගරාධිපති තෝරාපත් කර ගැනේ
  • SocialShare:

බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා වූ පළමු රැස්වීම ඌව පළාත් පාලන කොමසාරිස් හේමන්තා දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද(11) පෙරවරුවේ බණ්ඩාරවල මහ නගර සභාවේදී පැවැත්විණි.


බණ්ඩාරවල මහ නගර සභාවේ නගරාධිපතිි ලෙස ජාතික ජන බලවේගයේ සාගරධීර විශ්ව වික්‍රම මහතා ඡන්ද 08 ක් ලබාගෙන පත්විය. නගරාධිපතිවරයා ලෙස පත් වූ සාගරධීර විශ්ව වික්‍රම මහතාට ජාතික ජන බලවේගයේ ඡන්ද 06 සමග ස්වාධීන කණ්ඩායම් අංක 02 ඡන්දය සහ ස්වාධීන කණ්ඩායම් අංක 01 එක් ඡන්දයක් හිමි විය. ඒ අනුව වැඩි ඡන්ද හතරක් ලබාගෙන ඒ මහතා බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති ලෙස තේරී පත්විය.

උප නගරාධිපති ලෙස ස්වාධීන කණ්ඩායම් අංක 01 ශ්‍රීකාන්ත් නන්ද මහතාගේ නම ජාතික ජන බලවේගය විසින් යෝජනා කළ අතර ඔහුටද නගරාධිපතිවරයාට හිමිවු ඡන්ද අටම හිමිවිය. නගරාධිපති තනතුරට තරඟ කළ ස්වාධීන කණ්ඩායම් අංක 01 මොහොමඩ් නෞෂාඩ් මහතාට එම ස්වාධීන කණ්ඩායමේ ඡන්ද හතරක් පමණක් හිමි විය. උප නගරාධිපති තනතුර සඳහාද තරඟකළ කළ මොහොමඩ් නෞෂාඩ් මහතාට, එහිදීද එම ඡන්ද ප්‍රමාණයම හිමිවිය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.