බෞද්ධ ප්‍රබෝධය ඇතිවන පරිදි සියලු ජන වර්ගයන්හි සහභාගිත්වයෙන් යුතුව නුවරඑළියේ පැවති රාජ්‍ය වෙසක් උත්සවයෙන් ජාතික සමගිය ලොවට පෙන්වීමට හැකි වූ බව නුවරඑළිය දිස්ත්‍රික් සාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී, කඳපොළ ශ්‍රී ජිනේන්ද්‍රාරාමාධිපති, දඹගොල්ලේ සෝමානන්ද හිමි පැවසූහ.
නුවරඑළියේ පැවති රාජ්‍ය වෙසක් සතියේ අවසන් දිනය වන අද (16) නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
නුවරඑළියේ දී පැවැත්වෙන ජාතික වෙසක් උත්සවය මෙරට වාසය කරණ බෞද්ධ , හින්දු, ක්‍රිස්තියානි මුස්ලිම්, ඇතුළු සියලු ජනතාවගේ ජාතික සමගිය සහ සහාජීවනය පෙන්නුම් කල තෝතැන්නක් වු බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ. පසුගිය 10 දින සිට අද(16) දක්වා රාජ්‍ය වෙසක් සතියතුළ ආමිෂ සහ ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන දෙමින් නුවරඑළිය නගර කේන්ද්‍ර කර ගනිමින් දිස්ත්‍රික්කය පුරා පැවති වැඩ සටහන් ජනතාවතුළ බෞද්ධ ප්‍රබෝධය ඉහළ නැංවීමට ඉවහල් වූ බවයි.
සතියක්පුරා නුවරඑළියේ පැවති රාජ්‍ය වෙසක් උත්සවය සඳහා කටයුතුකළ මහා සංඝරත්නයට, ජනපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රාජයට සහ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනය ඇතුළු සැමදෙනාට පුණ්‍යානුමෝදනා සිදු කරන බවද උන්වහන්සේලා තවදුරටත් සඳහන් කලහ.
මෙම අවස්ථාව ට නුවරඑළිය දිස්ත්‍රික් සාසනාරක්ෂක බල මණ්ඩලයේ දඹගොල්ලේ සෝමානන්ද හිමි, නුවරඑළිය ප්‍රාදේශීය සාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාදීපති කිරිඔරුවේ ධිරානන්ද හිමියන්, හාවාඑළිය අශෝකාරාමාධිපති දෙහිගහා හේනේ කෝවිද හිමියන් එක්ව සිටිහ.